මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Richwin Investment and Credit පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම මූල්‍ය විසඳුම් සපයන සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි.
London Business Excellency ආයතනය පැවැත්වූ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී නව්‍ය මූල්‍ය සමාගම ලෙසද එම සමාගම සම්මානයට පාත්‍ර විය. සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ශානුක ප්‍රදීප් වෙත මෙම සම්මාන පිරිනමන ලදී.
Richwin Investment and Credit සමාගම පෞද්ගලික සහ ව්‍යාපාර අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය සේවා රැසක් සපයයි. ඒ අතර ව්‍යාපාර හා පෞද්ගලික ණය, ඉඩම්, වාහන හා චෙක් පත් ඇප මත දෙන ණය, රන් ණය, කණ්ඩායම් ණය ප්‍රධාන තැනක් ගනී. එම සමාගම හඳුන්වා දී ඇති ක්ෂුද්‍ර මූල්‍ය සේවා ලැබූ පාරිභෝගිකයන් රැසක් පසුගිය කාලය පුරා මූල්‍ය ස්වාධීනත්වය සහ ස්ථාවරත්වය ළඟා කර ගෙන තිබේ. ආයෝජන පිළිබඳව උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් වෙනුවෙන් පිළිගත් ගිවිසුම් සහතිකයක් සහිත, මාසික හෝ වාර්ෂික වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන සැලසුම් රැසක් එම සමාගම හඳුන්වා දී ඇත. එම ආයෝජන මත පදනම්ව ණය මුදලක් ගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.
Richwin සමාගමට සම්මාන ද්විත්වයක්