IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


RDB බැංකුව “ව්‍යවසායකත්ව වෙළෙඳ ප්‍රදර්ශනය -2025”

RDB  බැංකුව සිය 40 වැනි සංවත්සරය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ BMICH  හිදී පසුගියදා සැමරුවේය.  ඊට සමගාමීව  බැංකුව ව්‍යවසායකත්ව වෙළෙඳ ප්‍රදර්ශනයක් පවත්නන ලද අතර එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයමින්, වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමෙන් , ව්‍යාපාර ජාල ගොඩනගා ගැනීමෙන් සහ නව ගනුදෙනුකරුවන්ට සහ ආයෝජකයන්ට නිරාවරණය වීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවස්ථාව උදා කළේය.
වෙළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන ලද අතර, සහභාගීවන්නන් අතර වටිනා අවබෝධයක්, දැනුම බෙදාගැනීමක් සහ හැකියාව වර්ධනය සඳහාද අවස්ථා ලබාදුන්නේය.
ආයෝජන ආකර්ෂණය කර ගැනීම ආයෝජකයන්ට සහ මූල්‍ය ආයතනවලට ප්‍රවේශය ලබා දීම සහ නවෝත්පාදන දිරිමත් කිරීම - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අන් අයගෙන් ඉගෙන ගැනිමට සහ නව අදහස් අනුවර්තනය වීමට ඉඩ සැලසීමද සිදුවිණි.  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගාස්තු අයකිරීමකින් තොරව කුටි 200ක් පමණ ලබා දුනි.



අදහස් (0)

RDB බැංකුව “ව්‍යවසායකත්ව වෙළෙඳ ප්‍රදර්ශනය -2025”

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site