IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


RDB බැංකුව උතුරේ ව්‍යවසායකයන් බලගන්වයි

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස RDB බැංකුව දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් ව්‍යවසායකයන් 15,000 ක් නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී. ව්‍යවසායකයන් 15,000 ක් ජාතික ආර්ථිකයට දායාද කිරීමේ වැඩසටහන යටතේ උතුරු පළාතේ ව්‍යවසායකයන් බලමුළු ගැන්වීමේ වැඩසටහන 2025.05.15 හා 16 දෙදින පැවැත්විණි.

මෙහිදී උතුරු පළාතේ වවුනියාව, කිළිනොච්චිය, මන්නාරම, යාපනය හා මුලතිව්  දිස්ත්‍රික්ක වල සියලු ග්‍රාමසේවා කොට්ඨාස ආවරණය වන පරිදි ව්‍යවසායකයන් හඳුනාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා අනෙකුත් රාජ්‍ය ආයතන වල දායකත්වය ලබා ගැනීමේ මුලික සාකච්ඡා සාර්ථකව පැවැත්වූ අතර මෙමගින් පළමු අදියර ලෙස ව්‍යවසායකයන් දහසක් හඳුනාගැනීමට වැඩසටහන් සකස් කිරීමට කටයුතු කරන ලදී. මන්නාරම, යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල ධීවර ප්‍රජාව ඉලක්ක කරගනිමින් සීනෝර් හා නෝර්ත් සී ආයතන සමඟ ඒකාබද්ධ වෙමින් ධීවර කාර්මිකයන් ධීවර ව්‍යවසායකයන් බවට පත්කරමින් ජාතික ආර්ථිකය සවිමත් කිරීමේ පුළුල් වැඩසටහනක් ද එම දෙදින තුළ ක්‍රියාත්මක කරන ලදී.



අදහස් (0)

RDB බැංකුව උතුරේ ව්‍යවසායකයන් බලගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site