දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව, සිය ශාඛා ජාලය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ උතුරු මැද පළාත් අරලගංවිල ශාඛාව 2025.06.09 දින නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලදී. මෙම උත්සව අවස්ථාව සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී (වැඩ ආවරණ) ඩී. එම්. ටී. එස්. කුමාර මහතාගේ ආරාධනයෙන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කුමාර රත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
පාරිභෝගික සේවාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, RDB අරලගංවිල ශාඛාව නවීන පරිශ්‍රයක නව පහසුකම් සහිතව 14/113, කොලොන්ගස් හන්දිය, අරලගංවිල ලිපිනයෙහි විවෘත විය. දියුණු කළ යටිතල පහසුකම්, පුළුල් කළ පාරිභෝගික සේවා සහ නවීන ඩිජිටල් බැංකු පහසුකම් සමග ගනුදෙනුකරුවන්ගේ ඉහළයන අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් සහ උසස් සේවා ලබාදීම මෙම පිවිසුමත් සමග ඉටුවේ.
මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින්, RDB බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී (වැඩ ආවරණ) ඩී. එම්. ටී. එස්. කුමාර මහතා ප්‍රකාශ කළේ, මෙම පියවර අඛණ්ඩ වර්ධනයට ඇති කැපවීම සහ ගනුදෙනුකාර ප්‍රජාවට උසස්තම බැංකු සේවා ලබාදීමට ඇති ලැදියාව පිළිබිඹු කරන බවත්, නව පරිශ්‍රය පාරිභෝගික හිතකාමී සහ කාර්යක්ෂම ලෙස නිර්මාණය කර තිබීමෙන් වේගවත් සේවාවක් සහ සුවපහසු බැංකු අත්දැකීමක් පාරිභෝගික ප්‍රජාවට සැපයීමට හැකියාව ලැබෙන බවත්ය.
මෙම අවස්ථාව උතුරුමැද පළාත් සාමාන්‍යාධිකාරී එම්.එම්. එම්. එස්. ආනන්ද මහතාගේ උපදෙස් මත, සහකාර සාමාන්‍යාධිකාරී ජයන්ත ධර්මප්‍රිය සහ අරලගංවිල ශාඛා කළමනාකාර ප්‍රගාෂ් ජයරුවන් ඇල්පිටිය යන මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කරනු ලැබ තිබුණි.
RDB බැංකුවේ අරලගන්විල ශාඛාව නව පරිශ්‍රයකට