IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


Prime Lands Residencies සමාගමේ ආදායම-ලාබය ඉහළට

සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික හිමිකාරීත්වයක් යටතේ පවතින එකම ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සමාගම වන Prime Lands Residencies PLC (CSE: PLR.N) 2025 සැප්තැම්බර් 30 වන දිනයෙන් අවසන් වූ කාර්තුව සඳහා අන්තර්වාර මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබේ. එම ප්‍රතිඵලවලට අනුව සමාගම ආදායම මෙන්ම ලාභදායීත්වය අතින් කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එය සමාගමේ ඔරොත්තු දීමේ හැකියාවල විශ්වාසය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය පිළිබඳ මනා සාක්ෂියකි.
2025,26 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 6 සඳහා සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 5.15 ක් සහ බදු පසු ලාභය රුපියල් මිලියන 940.7 ක් වූ අතර, වෙනස් වන වෙළෙඳපොළ තත්ව හමුවේ පවා ස්ථාවර කාර්ය සාධනයක් වාර්තා කර ගැනීමට සමාගම සමත් වී ඇති බව එමගින් පෙනී යයි. 2025 සැප්තැම්බර් 30 වන දින වන විට Prime Lands Residencies හි කොටස් හිමිකරුවන් සතු කොටස්වල වටිනාකම රුපියල් බිලියන 10.3 දක්වා වර්ධනය වී ඇති අතර, රඳවාගත් ඉපැයුම් රුපියල් බිලියන 6.87 දක්වා ඉහළ ගොස් තිබේ. සියයට 24.71 ක් වන සමාගමේ මහජන කොටස් හිමිකම් ප්‍රතිශතය කොටස් හිමියන් 7,200 කට වැඩි පිරිසකගෙන් සමන්විත වන අතර, 2025 සැප්තැම්බර් 30 වන දින වන විට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 31.9 ක් විය. මෙම සමාලෝචනයට අදාළ කාර්තුව තුළ සමාගමේ කොටස් මිල ශක්තිමත් පිබිදීමක් වාර්තා කළ අතර, කාර්තුව අවසාන වන විට එය වාර්තා වූයේ පෙර කාර්තුවේදී වාර්තා වූ රුපියල් 15.70 ට වඩා දෙගුණයකටත් වඩා වැඩි වටිනාකමක්, එනම් රුපියල් බිලියන 34.20ක් වශයෙනි. මෙය සමාගම කෙරෙහි ආයෝජකයන් තුළ පැවති විශ්වාසය අලුත් වී ඇති බව මෙන්ම Prime  සමාගමේ ක්‍රමෝපායික ප්‍රගතිය සම්බන්ධයෙන් වෙළෙඳපොළේ ඇති ප්‍රසාදය පිළිබිඹු කරයි. 
මෙම කාර්තුවේ ප්‍රතිඵල අපගේ දීර්ඝකාලීන ක්‍රමෝපායෙහි සාර්ථකත්වය යළි තහවුරු වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. අප සෑම විටම නිවාස නිසි කලට ඒවායෙහි හිමිකරුවන් වෙත භාරදීමටත්ල විනිවිදභාවය පවත්වා ගැනීමට ගැනුම්කරුවන්ට සහ කොටස් හිමිකරුවන්ට සැබෑම ප්‍රතිලාභ පිරිනැමීමටත් දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. අපගේ මූලික පදනම්වල ශක්තිය සහ දේශීය විශේෂඥභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ වඩාත්ම විශ්වාසනීය නාමය ලෙස දිගින් දිගටම පිළිගැනීමට ලක්වීමට අපට හැකි වුණා. Prime සමූහය ව්‍යාපාරයේ සභාපති සහ Prime Lands Residencies මේ විධායක අධ්‍යක්ෂිකා සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.  
‘මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ වසර 30 කට වැඩි ඉතිහාසයක් සහිත සමාගමක් ලෙසල වටිනාකම ක්‍රමානුකූලව ඉහළ යන උසස් ප්‍රමිතියෙන් යුත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් සහ ප්‍රතිඥා දුන් මට්ටමටත් වඩා ඉහළ ප්‍රතිලාභ පිරිනමමින්, රටේ නාගරික පරිවර්තනයට නායකත්වය දෙන අතරම වගකීම් සහගත වර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අප දිගින් දිගටම කැප වී සිටිනවා. Prime සමූහ ව්‍යාපාරයේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය.  



අදහස් (0)

Prime Lands Residencies සමාගමේ ආදායම-ලාබය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site