IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


Prime සමූහ ව්‍යාපාරය Prime Edge ආරම්භ කරයි

Prime සමූහ ව්‍යාපාරය ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රථම Mobile App එක වන Prime Edge පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙය ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂී හඳුන්වා දීමකි. 

ගැනුම්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ පහසුව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති Prime Edge, ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම සඳහා තබන ලද පුරෝගාමී පියවරක් ලෙස හැඳින්විය හැක. Prime සමූහය යනු දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට මෙවැනි පුරෝගාමී විසඳුම් රැසක් හඳුන්වා දුන් සමූහ ව්‍යාපාරයක් වන අතර, මෙවැනි පියවර ඔස්සේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම Prime සමූහයේ අරමුණ වී තිබේ. 

ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට සමගාමීව තාක්ෂණය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන තරුණ පරපුරක් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට පිවිසෙමින් සිටී. Prime Edge ඉදිරියේදී මෙම පරපුරේ ප්‍රියතම යෙදුමක් බවට පත් වනු ඇති අතර, ඒ ඔස්සේ මෙය මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ පාරිභෝගිකයන් හා සමාගම් අතර ගනුදෙනු සිදුවන ආකාරය මුළුමනින්ම වෙනස් කරන පියවරක් වනු නිසැකය. 

Prime Edge නිර්මාණය කරන ලද්දේ Prime සමූහයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී රසික උදයංග මහතා ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසිනි. Prime සමූහය මෙරට දේපළ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම රඳවන ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම මෙම කණ්ඩායමේ මූලික වගකීම වන අතර, ඔවුහු මේ වන විට එම වගකීම විශිෂ්ට ලෙස ඉටුකරමින් සිටිති. 

Prime Edge මගින් පාරිභෝගිකයන්ට තමන් කැමති වර්ගයේ දේපළ ඉඩකඩම් සොයාගැනීම, ගෙවීම් තොරතුරු පරීක්ෂා කිරීම සහ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම ඇතුළු බොහෝ දේ සිදු කළ හැක. එමෙන්ම Prime Edge භාවිත කරමින් වෙනත් අයට දේපළ නිර්දේශ කිරීම හා විකිණීම හරහා වක්‍ර ආදායමක් උපයා ගැනීමටද හැකියාව පවතී. ඒ අනුව මෙය ලාංකිකයන්ට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය සමග වඩාත් ඵලදායී ලෙස ගනුදෙනු කිරීමට මෙන්ම ධනය උත්පාදනය කිරීමටද නව මාවත් විවර කරන ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකි වේ. 

 



අදහස් (0)

Prime සමූහ ව්‍යාපාරය Prime Edge ආරම්භ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site