IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


PLC AutoEX - පීපල්ස් ලීසිං වාහන අලෙවි ප්‍රදර්ශනයක් දඹුල්ලේ

PLC AutoEX - පීපල්ස් ලීසිං දඹුල්ල ශාඛාව විසින් සංවිධානය කරන වාහන අලෙවි ප්‍රදර්ශනය ජූලි මස 17 සිට 20 දක්වා දඹුල්ල නිශ්ශංක ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. දිවයිනේ ප්‍රමුඛතම වාහන සන්නාම සමගින් වාහන මාදිලි රැසක් මේ සඳහා අත්වැල් බැඳ ගන්නා අතර ලියාපදිංචි කළ සහ නොකළ කාර්, වෑන්, ලොරි, බස් සහ ත්‍රී රෝද රථ මෙහිදී අලෙවිය සඳහා කටයුතු සංවිධානය කර ඇත. පාරිභෝගිකයන් හට ඔවුන් දැනට භාවිත කරන වාහනය අලෙවිය සඳහා අලෙවි ප්‍රදර්ශනය භූමියේදී නොමිලේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව, වාහන හුවමාරු කිරීම හා ආකර්ෂණීය ලීසිං වාරික යටතේ තම සිහින වාහනය මිලදී ගැනීම හා People’s Isurance හරහා රක්ෂණ පහසුකම් ලබා ගැනීම යන පහසුකම් එම දිනවලදීම ලබා දීම මෙහිදී සිදු වේ. 

මෙම අවස්ථාව සඳහා පීපල්ස් ලීසිං දඹුල්ල ශාඛාවේ ශාඛා කළමනාකරු, ශාඛා කාර්ය මණ්ඩලය, හා  වාහන අලෙවි නියෝජිතයන් රැසක් සහභාගී වන අතරල ඔබත් ඔබගේ සිහින වාහනය කාරයක්‍ෂම හා සුහදශීලී සේවාවක් යටතේ ලබා ගැනීමට ජූලි මස 17, 18, 19, 20 යන දිනවලදී දඹුල්ල නිශ්ශංක ක්‍රීඩා පිටියට පැමිණෙන්න.



අදහස් (0)

PLC AutoEX - පීපල්ස් ලීසිං වාහන අලෙවි ප්‍රදර්ශනයක් දඹුල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site