NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන “NSBM” සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
“හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනයට සහභාගී වන පිරිසට ලෝකයේ අති නවීන විශ්වවිද්‍යාල අධ්‍යයනය කොට ඒවායේ තාක්ෂණය සහ පහසුකම් අනුව ඉදිකරනු ලැබූ දැවැන්ත සහ අසමසම NSBM හරිත සරසවි පරිශ්‍රය දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ.
විශේෂයෙන්ම මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ මවුපියන්ට මෙම දිනවල NSBM හරිත සරසවියේ කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ ඔවුන්ගේ අනාගත අරමුණුවලට ගැළපෙන උපාධිය තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමේ අවස්ථාව ද හිමි වේ.
එසේම මෙම ප්‍රදර්ශනයේ විශේෂාංග ලෙස සරසවියේ සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන, ශිෂ්‍යයන්ගේ ව්‍යාපෘති සහ නිර්මාණ මෙන්ම විවිධ අධ්‍යයනාංශ මඟින් පවත්වන ප්‍රදර්ශන කුටි ද දැකිය හැක. එමෙන්ම NSBM හරිත සරසවියේ කලා සංගම් මඟින් සංවිධානය කරනු ලබන රසවින්දනාත්මක අංග ද මෙම දින පුරාවට පැවැත්වීමට නියමිතයි.
NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේදී