ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන මූල්‍ය ආයතනයක් වන NDB බැංකුව, 2025 වසරේ ජුනි මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස හයක කාලය සඳහා ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළේය. සමස්ත මෙහෙයුම් ආදායම සහ බදු ගෙවීමට පෙර ලාබය පිළිවෙළින් රුපියල් බිලියන 22.3 ක් සහ රුපියල් බිලියන 8.6 ක් (2024 පළමු කාර්තුව රුපියල් බිලියන 22.9ක් සහ රුපියල් බිලියන 6.5ක්) වාර්තා කළේය.
බැංකුවේ මුළු මෙහෙයුම් ආදායමෙන් සියයට 75 කට වඩා වැඩි වූ ශුද්ධ පොලී ආදායම අර්ධ වාර්ෂික කාලය සඳහා රුපියල් බිලියන 16.9 ක් වූ අතර එය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 16.5 ට වඩා සියයට 2.7 කින් ඉහළ ගොස් ඇත.
මෙහිදී ඉතා වැදගත්ම කරුණක් වන්නේ පොලී අනුපාතවල තියුණු පහත වැටීමක් තිබියදී වුවත් වසරක රජයේ භාණ්ඩාගාර බිල්පත් 2024 ජුනි මස අවසානයේ සියයට 10.3 කට ආසන්නව පැවති අතර එය 2025 ජුනි මාසය අවසානයේදී සියයට 7.9 දක්වා පහත වැටුණු වාතාවරණයක් වීමයි. NDB බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය සමස්තයක් ලෙස සියයට 4.0ක මට්ටමේ (2024 4.3%) පවත්වා ගැනීමට හැකි වූ අතර, තාවකාලික ලාභඅලාභ නොසලකා හැරි විට, සමාන පදනමක් මත සියයට 4.2 ක් විය (2024 4.4%). 2025 ජුනි මාසය අවසන් වන විට, බැංකුව සතුව සිය ගනුදෙනුකරුවන් සමග විශේෂ විධිවිධානයක් යටතේ ණය සහ තැන්පතු රුපියල් බිලියන 50.3 කට ආසන්න ප‍්‍රමාණයක් තිබූ අතර, එය 2024 වර්ශය අවසානයේ රුපියල් බිලියන 19.6 කි.
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම සියයට 8.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 3.6 ක් වූ අතර දෙවැනි කාර්තුව පමණක් සලකා බැලූ විට, එය කාර්තුවෙන් කාර්තුවට සාපේක්ෂව සියයට 20.8 ක ආකර්ෂණීය වර්ධනයකි. ශුද්ධ ගාස්තුවල වර්ධනය එහි ප‍්‍රධාන ව්‍යාපාරික මෙහෙයුම්වල සෑම අංශයකින්ම පාහේ සටහන් වී තිබිණි. මෙම කාල පරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 4.5 ක හානිපූරණ ගාස්තු 2024 වසරේ එම කාල පරිච්ඡේදය තුළදීම රුපියල් බිලිය 8.4 සිට වාර්ෂිකව සියයට 46.7 කින් අඩු වී ඇති අතර ණය ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි බැංකුවේ වැඩි අවධානයක් යොමු කිරීම මෙයට හේතු විය.
මෙය විශේෂ ස්වභාවයේ අයිතම හැර බැංකුවේ මුළු ණය හානිපූරණ ගාස්තු ආවරණ අනුපාතය සියයට 8.7 දක්වා (2024 අවසානයේ 9.6%ක් විය ) ගෙන ආවේය. එය එම කාලපරිච්ඡේදය අවසානයේ ක්ෂේත‍්‍රයේ සාමාන්‍යයට සාපේක්ෂව හොඳින් සමපාත වේ.
මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 9.2 ක් වූ අතර, එය 2024 වසරේ පළමු අර්ධ වර්ෂයට වඩා සියයට 14.8 ක වැඩි වීමක් වූ අතර ප‍්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩලයට අදාළ වර්ධක සහ ක්ෂේත‍්‍රයට අනුව නැවත සැකසීම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ සෘජු ව්‍යාපාර සංවර්ධන ආදී ඉහළ ආයෝජන හේතුවෙන් පැන නැගුණි.
2024 වසරේදී සියයට 12.2 ක් වූ සාමාන්‍ය කොටස් මත ප‍්‍රතිලාභය සියයට 10.6 දක්වා අඩු වූ අතර වාර්ෂික කොටසකට ඉපැයීම් 2024 වසර සඳහා රුපියල් 21.25 සිට රුපියල් 19.65 දක්වා අඩු විය. සමූහ මට්ටමින් පිළිවෙළින් අනුපාත සියයට 10.8 (2024 වසරේ 12.5%) සහ රුපියල් 21.23 (2024 වසරේ රුපියල් 23.05) විය.
බැංකුවේ සාමාන්‍ය වත්කම් මත බදු ගෙවීමට පෙර ප‍්‍රතිලාභය සියයට 2.0 (2024 වසරේ 3.1%) විය. කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 186.81 (2024 වසරේ රුපියල් 186.91) වූ අතර එය 2024 වසර අවසන් වීමේ කොටස් මිල හා සසඳන විට සියයට 6.2 ක වැඩිවීමක් වාර්තා කළ අවසන් කොටස් මිල රුපියල් 120.25 කි. සමූහයේ කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 199.37 (2024 වසරේ රුපියල් 199.13) කි.
2025 ජුනි මස 30 වැනි දින වන විට බැංකුවේ මුළු තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 696.1 ක් විය. (2024 අවසානයේදී රුපියල් බිලියන 631.7ක සිට සියයට 10.2 වර්ධනයක්) ඒ අතර ශුද්ධ ණය රුපියල් බිලියන 557.0 දක්වා ප‍්‍රසාරණය විය (2024 අවසානයේදී රුපියල් බිලියන 460.7 සිට සියයට 20.9 වර්ධනයක්). තාවකාලික සහ විශේෂ ස්වභාවයේ ගනුදෙනු හැරුණු විට මෙය 2024 වසර අවසානයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 5.5 සහ සියයට 14.9 ක සාමාන්‍යකරණය කළ ශුද්ධ වර්ධනයක් වේ.
NDB බැංකුවට රුපියල් බිලියන 4.2 ක ඉතිහාසයේ ඉහළම බදු පසු ලාබයක්