IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


NDB බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාබයේ සියයට 65 ක සුවිශේෂී වර්ධනයක්

NDB බැංකුව විසින් 2025 සැප්තැම්බර් 30 වැනි දිනෙන් අවසන් වූ මාස නවය සඳහා වූ මූල්‍ය ප්‍රතිඵල, පසුගිය දා කොළඹ කොටස් වෙළෙඳපොළට නිකුත් කරන ලදී. ප්‍රතිඵල මගින් ශක්තිමත් මූලික බැංකු මෙහෙයුම් වර්ධනයක් සමගින් ලාබදායීත්වයේ ආකර්ෂණීය වර්ධනයක් පෙන්නුම් කරන අතර ශුද්ධ මෙහෙයුම් ආදායම සහ බදු ගෙවීමට පෙර ලාබය පිළිවෙළින් රුපියල් බිලියන 28.4 ක් සහ රුපියල් බිලියන 11.0 ක් දක්වා සියයට 32-3 කින් සහ සියයට 62.1 කින් වර්ධනය වී ඇති බව පෙන්නුම් කරයි (2024 වසරේ මුල් මාස 9 - රුපියල් බිලියන 21.5 ක් සහ රුපියල් බිලියන 6-8 ක් වීය).

2024 වසරට සාපේක්ෂව ශුද්ධ පොලී ආදායම සියයට 6.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 25.9 ක් වාර්තා කරන ලදී. සමාලෝචනයට භාජන වන කාල සීමාව තුළ පැවති අඩුවන පොලී අනුපාත පරිසරය සලකා බැලීමේදී මෙය සැලකිය යුතු කරුණකි. බැංකුව සිය ලාබදායීත්වය හොඳින් පවත්වා ගැනීමට දරන උත්සාහය පිළිබිඹු කරමින්, ශුද්ධ පොලී ලාබය සියයට 4.1 (2024 – 4.3%) ලෙස වර්ධනීය ලෙස ස්ථාවර විය. එය එකවර පැන නැගුනු ආදායම් හැර, සමාන පදනමක් මත සියයට 4.3 ක් වියග (2024 – 4.5%)- 2025 සැප්තැම්බර් මස අවසානයේදී, බැංකුව විශේෂ විධිවිධානයක් යටතේ ණය සහ තැන්පතු රුපියල් බිලියන 46.8 කට ආසන්න විය (2024 අවසානය - රුපියල් බිලියන 19.6).

ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 13.8 කින් වර්ධනය වී රුපියල් බිලියන 5.8 ක් වූ අතර තුන්වන කාර්තුව සඳහා පමණක් එය 2024 තුන්වන කාර්තුවට වඩා සියයට 24.2 ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කළේය. අරමුදල් නොවන ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සඳහා දරන ලද ඉලක්කගත උත්සාහය සඳහා මෙය සාක්ෂි සපයන අතර එමගින් බැංකුවේ සමස්ත ආදායම් සංයුතියේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරයි. බැංකුවේ ප්‍රධාන ව්‍යාපාර මෙහෙයුම්වල සෑම අංශයකම පාහේ වැඩිදියුණු කළ කාර්ය සාධනය මගින් මෙම වර්ධනයට දායකත්වය ලැබුණි.

ණය පොතේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා සාමූහික උත්සාහය හේතුවෙන්, හානිපූරණ ගාස්තු අඛණ්ඩව පහත වැටුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචනයට භාජන වන කාල සීමාව සඳහා රුපියල් බිලියන 5.9 ක ගාස්තුවක් සටහන් කරන ලද අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 46.7 ක අඩුවීමක් සටහන් කරයි. විශේෂ ස්වභාවයේ අයිතම හැරුණු විට එහි ප්‍රතිඵලයක් ලෙස මුළු හානිපූර්ණ ආවරණ අනුපාතය සියයට 8.8 ක් විය. (2024 අවසානයේ - 10.1%) එය එම කාල සීමාව අවසානයේ ක්ෂේත්‍රයේ සාමාන්‍යයන් සමග සමපාත වේ. මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 13.9 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 14.8 ක වැඩිවීමක් සනිටුහන් කළේය. මෙය ප්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩලයට අදාළ වාර්ෂික වර්ධක සහ ක්ෂේත්‍රයට අදාළව වැටුප් සැකසීම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ සෘජු ව්‍යාපාර සංවර්ධන ස්වභාවයේ ඉහළ ආයෝජන හේතුවෙන් වර්ධනය වී ඇත.

මාස නවයක කාලය තුළ සාමාන්‍ය කොටස් මත ප්‍රතිලාභය සියයට 12.4 ක් වූ අතර තුන්වන කාර්තුව සඳහා පමණක් එය සියයට 16.0 ක් විය. එම කාලය සඳහා වාර්ෂික කොටසක ඉපැයීම් රු. 23.41 ක් වූ අතර එය 2024 වසර සඳහා රු. 21.25 කි. සමූහ මට්ටමින් පිළිවෙළින් අනුපාත සියයට 12.6 (2024 – 12.5%) සහ රු. 25.28 (2024 – රු. 23.05) විය. බැංකුවේ සාමාන්‍ය වත්කම් මත බදු ගෙවීමට පෙර ප්‍රතිලාභය සියයට 2.3 ක් වූ අතර, තුන්වන කාර්තුව සඳහා පමණක් එය සියයට 2.6 (2024 – 3.1%, 1.5%) විය. අවසාන කොටස් මිල හා සසඳන විට කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම රු 194.01ක් (2024 – රු. 186.91) වූ අතර එය 2024 අවසානයේ සිට සියයට 25.4 ක වැඩි වීමක් සහිතව රු. 142.00 ලෙස වාර්තා විය. සමූහයේ කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රු. 207.34 (2024 - රු 199.13) විය.

2025 සැප්තැම්බර් 30 වන දින වන විට බැංකුවේ මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 702.9 ක් විය. ඒ අතර ශුද්ධ ණය රුපියල් බිලියන 585.4 දක්වා ප්‍රසාරණය විය. එක් වරක් සිදුකළ සහ විශේෂ ස්වභාවයේ ගනුදෙනු හැරුණු විට, මෙය 2024 අවසානයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 7.2 සහ සියයට 22.1 ක සාමාන්‍යකරණය කළ නිරපේක්ෂ ශුද්ධ වර්ධනයක් සටහන් කළේය. සාමාන්‍යකරණය කළ පදනමක් මත බැංකුවේ ජංගම සහ ඉතුරුම් ගිණුම් අනුපාතය 2024 අවසානයේ සටහන් වූ සියයට 22.5 සිට වර්ධනය වී සියයට 23.8 ක් විය. මෙය වත්මන් මට්ටමේ සිට අඩු වියදම් අරමුදල් වර්ධනය කිරීමට බැංකුව දරන අඛණ්ඩ උත්සාහය පිළිබිඹු කළේය.



අදහස් (0)

NDB බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාබයේ සියයට 65 ක සුවිශේෂී වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site