IMG-LOGO

2026 මැයි මස 04 වන සඳුදා


NDB වංචාවේ වෝහාරික පරීක්ෂණය ඉන්දියාවේ Deloitte සමාගමට

NDB  බැංකුවෙහි සිදුව ඇති අභ්‍යන්තර වංචාව පිළිබඳ වෝහාරික පරීක්ෂණය ඉන්දියාවේ Deloitte Touche Tohmatsu India LLP (Deloitte)  සමාගම වෙත පවරා ඇතැයි එම බැංකුව පවසයි. 
ඊයේ (23) කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම බැංකුව මේ පිළිබඳව අනාවරණය කළේය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නිර්දේශ සහ උපදෙස් මත මෙම වෝහාරික පරීක්ෂණය සිදු කෙරෙන බවත් බැංකුව පවසා සිටියි. සිදු වූ මෙම වංචාවේ වටිනාකම රුපියල් බිලියන 13.2ක් බව NDB  බැංකුව පවසා සිටියි. මේ පිළිබද වෝහාරික පරීක්ෂණය ජාත්‍යන්තර ආයතනයක් හරහා සිදු කරන බව මහ බැංකුවද මීට පෙර පවසා තිබුණි.



අදහස් (0)

NDB වංචාවේ වෝහාරික පරීක්ෂණය ඉන්දියාවේ Deloitte සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site