IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


NDB ලීසිං සංවිධානය කළ ඔටෝ කානිවල් සාර්ථකව අවසන්

 

NDB බැංකුව නවම් මාවතේ පිහිටි  මෝටර් රථගාලේ දී NDB  ලීසිං ඔටෝ කානිවල් ප්‍රවර්ධන වැඩසටහනේ තවත් අදියරක් පසුගිය දා සාර්ථකව අවසන් කළේය. NDB ලීසිං වෙතින් සංවිධානය කරන ලද මෙම දෙදින වැඩසටහනල දිවයිනේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ හවුල්කරුවන් දෙදෙනකු වන Prime EV  ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම සහ Skywell විද්‍යුත් වාහන මෙරටට ආනයනය කරන දීපාල් සහ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම  පාරිභෝගිකයන්ට සහ රථ වාහන පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට නවීන හා පරිසර හිතකාමී වාහන රාශියක් ප්‍රදර්ශනය කළේය.


ජනතාව තුළ දැඩි උනන්දුවක් පෙන්නුම් කළ මෙම වැඩසටහන, නව වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පිරිසට NDB බැංකුව  විසින් පිරිනමනු ලබන නව්‍ය ලීසිං විසඳුම් පිළිබඳ  දැනුවත් වීම සඳහා මහඟු අවස්ථාවක් හිමි විය. බැංකුවේ නම්‍යශීලී මූල්‍යකරණ විකල්ප පිළිබඳව දැනුවත් වීමට NDB බැංකුවේ ලීසිං නිලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට එහිදී අවස්ථාව හිමිවූ අතර, විදුලි මාදිලි වල සිට බහුකාර්ය වාණිජ වාහන දක්වා පරාසයක රථ වාහන පරීක්ෂා කිරීමට පැමිණ සිටි පිරිසට අවස්ථාව උදාවිය.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ලීසිං අංශයේ ප්‍රධානී, සහකාර උප සභාපති දිලූම් අමරසිංහ මහතා මෙසේ පැවසීය. ‘‘අපගේ ඔටෝ කානිවල් ප්‍රවර්ධන වැඩසටහන් මාලාව මඟින් වාහන මිලදී ගැනීම වඩාත් පහසු සහ දැරිය හැකි මිලකට ලබා දෙන අතරම, නවතම මෝටර් රථ නවෝත්පාදන වෙත ගනුදෙනුකරුවන් සමීප කරවීම සඳහා NDB බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි. NDB ඔටෝ මොබයිල්ස් සහ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් වැනි ප්‍රමුඛ පෙළේ හවුල්කරුවන් සමඟ සහයෝගීතාවෙන්, ලාංකිකයන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලන පරිදි සකස් කරන ලද මූල්‍ය විසඳුම් අපි අඛණ්ඩව ලබා දෙන්නෙමු.’’

 



අදහස් (0)

NDB ලීසිං සංවිධානය කළ ඔටෝ කානිවල් සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site