භානුක අමරසිංහ
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් (NDB) කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට යෝජිත රුපියල් බිලියන 16ක් වටිනා බැඳුම්කරයට BBB+ (EXP) ලෙස අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි. එම ආයතනය NDB බැංකුව වෙත මේ වනවිටA (lka) ණය ශ්‍රේණිගත කිරීමක් ලබාදී තිබේ.
බාසෙල් III අනුකූල, උපප්‍රධාන, සුරක්ෂිත නොවූ, හරිත, සමාජ සහ තිරසර (GSS+) බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කිරීමට යෝජනා වී තිබේ. මෙම බැඳුම්කර වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන අතර, ඒවා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටද නියමිතය.
මේ හරහා රැස් කරගන්නා මුදල් මගින් බැංකුවේ අදියර 2 ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, හරිත, සමාජ සහ තිරසර (GSS+) ව්‍යාපෘති සඳහා ලබා දෙන මූල්‍ය පහසුකම් හරහා ණය පොත තවදුරටත් වර්ධනය කරගැනීමත් අරමුණ බව පවසයි.
NDB බැංකුවේ GSS+ බැඳුම්කරට ෆිච් වෙතින් BBB+ ශ්‍රේණිගත කිරීමක්