IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


NDB බැංකුව බැඳුම්කර නිකුතුවකින් රුපියල් බිලියන 16ක් රැස් කරගැනීමට යයි

භානුක අමරසිංහ
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන GSS+ බැඳුම්කර නිකුතුවක් හරහා රුපියල් බිලියන 16ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. 
බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය 14 වැනිදා ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු,සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි GSS+ බැඳුම්කර ලෙස මෙය නිකුත් කරන බව බැංකුව පවසයි. 
මෙහිදී බැඳුම්කර කොටස් 160,000,000ක් නිකුත් කරන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 16 කි. මෙම GSS+ යනු හරිත, සමාජ සහ තිරසාරත්ව ව්‍යාපෘති සඳහා මුදල් රැස්කරගත හැකි තිරසාරත්ව බැඳුම්කර මාදිලියකි. 
මේ අතර GSS+ බැඳුම්කරය මිලදී ගැනීම සඳහා නිකුත් කිරීමෙන් අනතුරුව එය මූලික මහජන කොටස් නිකුතුවක් ලෙස කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන බවත් බැංකුව වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

NDB බැංකුව බැඳුම්කර නිකුතුවකින් රුපියල් බිලියන 16ක් රැස් කරගැනීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site