IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


My Emirates Pass වැඩසටහනෙන් සුවිශේෂී දීමනා 700 කට අධික සංඛ්‍යාවක්

මෙම ශීත ඍතුවේ සංචාරක සමය සඳහා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා එමිරේට්ස් හි My Emirates Pass වැඩසටහන සුවිශේෂී දීමනා 700 කට අධික සංඛ්‍යාවකට ප්‍රවේශය ලබා දී ඇත. වසර පුරා ක්‍රියාත්මක වන ප්‍රතිලාභවලට අමතරව සංචාරකයන්ට මෙමගින් ඔවුන්ගේ ඩුබායි සංචාරය උපරිමයෙන් ගත කිරීමට එමිරේට්ස් විසින් දීමනා හඳුන්වා දී ඇත.

2026 මාර්තු 31 වන දින දක්වා ඩුබායි හරහා හෝ ඩුබායි වෙත පියාසර කරන එමිරේට්ස් මගීන් හට ඉහළම භෝජන අත්දැකීම්, ගෝලීය මට්ටමේ සාප්පු සවාරි අත්දැකීම්, ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ නිස්කලංක සුඛෝපභෝගී සම්බාහනාගාර සඳහා වට්ටම් ලබා ගත හැකිය.

My Emirates Pass ප්‍රතිලාභ ලබා ගැනීම දැන් පෙරටත් වඩා පහසු කර ඇත. මෙම ප්‍රතිලාභ භුක්ති විඳීමට මගීන් කළ යුත්තේ ඔවුන් සහභාගී වන ස්ථානවලදී වලංගු හැඳුනුම්පතක් ද සමග තම එමිරේට්ස් බෝඩිං පාස්පත පෙන්වීම පමණි. 

ඩුබායි හි රන්වන් වෙරළ තීර, ගෝලීය මට්ටමේ ආගන්තුක සත්කාර සේවා හෝ සංස්කෘතික ආකර්ෂණය සොයමින් සිටින සියලු අමුත්තන් සඳහා නගරය අවස්ථා සපයයි. My Emirates Pass වෙතින් ඩුබායිහි ආර්ටේ කෞතුකාගාරය සහ මෙසී අත්දැකීම ඇතුළු තවත් ආකර්ෂණීය අත්දැකීම් වෙනුවෙන් අසමසම ඉතිරියක් සහ අසමසම ප්‍රවේශයක් හිමි වෙයි.

මීට අමතරව, 2025 දෙසැම්බර් 5 වැනි දින සිට 2026 ජනවාරි 11 වැනි දින දක්වා පැවැත්වෙන ඩුබායි සාප්පු සවාරි වැඩසටහනෙන් My Emirates Pass හරහා අමුත්තන්ට ආකර්ෂණීය වට්ටම් සමගින් සුවිශේෂී සාප්පු අත්දැකීම් හිමි කර ගත හැක. එමිරේට්ස් කොළඹ සිට ඩුබායි දක්වා සතිපතා ගුවන් ගමන් 28 ක් ක්‍රියාත්මක කරයි.

 



අදහස් (0)

My Emirates Pass වැඩසටහනෙන් සුවිශේෂී දීමනා 700 කට අධික සංඛ්‍යාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site