
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitals හි ගල්කිස්ස රෝහල National Convention on Quality and Productivity (NCQP) 2026 සම්මේලනයේදී රන් සම්මාන තුනක් හා රිදී සම්මාන තුනක් දිනා ගත් අතර ඉදිරිපත් කළ සියලු ගුණාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාතික මට්ටමේ ඇගැයීමක් හිමි කර ගෙන ඇත. මෙම සුවිශේෂ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය, අඛණ්ඩ සංවර්ධනය හා නවෝත්පාදනය පිළිබඳව Medihelp Hospitals හි නායකත්වය යළිත් තහවුරු වී තිබේ.
SLAAQP විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබනNCQP සම්මේලනය ගුණාත් මක කළමනාකරණය හා ඵලදායීතාව තුළින් සංවිධාන අත්කර ගන්නා සාර්ථක ප්‍රගතිය ඇගැයෙන රටේ ප්‍රමුඛතම ජාතික වේදිකාව ලෙස සැලකේ. මෙවර People-Driven Quality and Productivity for a Resilient Sri Lanka යන තේමාව යටතේ පැවති සම්මේලනයට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ ආයතන රැසක් එක් වී සිය සාර්ථක ගුණාත්මක ව්‍යාපෘති ඉදිරිපත් කළේය.
Medihelp Hospitals හි සම්මානලාභී ව්‍යාපෘති මගින් රෝගී ආරක්ෂාව ඉහළ නැංවීම, සායනික සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, සේවා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම, රෝගීන්ගේ රැඳී සිටීමේ කාලය අවම කිරීම, සම්පත් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම හා රෝගී අත්දැකීම තව දුරටත් උසස් කිරීම වැනි ක්ෂේත්‍ර රැසක ප්‍රායෝගික විසඳුම් හඳුන්වා දී ඇත. බහුවිධ වෘත්තීය කණ්ඩායම් එක් වී ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘති මගින් සේවකයන්ගේ අදහස් හා නවෝත්පාදන තුළින් දීර්ඝ කාලීන වටිනාකමක් ඇති ප්‍රතිඵල ලැබිය හැකි බව ඔප්පු වී ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Medihelp Hospitals සාමාන්‍යධිකාරී ශම්මි පෙරේරා මහතා පැවසුවේ NCQP 2026 රන් සම්මාන තුනක් හා රිදී සම්මාන තුනක් හිමි වීම සමස්ත Medihelp කණ්ඩායමේ කැපවීම, වෘත්තීයභාවය හා කණ්ඩායම් හැඟීම පිළිබඳ ජාතික ඇගැයීමක් බවයි. රෝගීන්ට වඩාත් ආරක්ෂිත, කාර්යක්ෂම හා දයාබර සෞඛ්‍ය සේවාවක් සැපැයීම වෙනුවෙන් සෑම සේවකයකුම අඛණ්ඩව නව විසඳුම් සොයා ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ Medihelp Hospitals හි දිගු කාලීන උපාය මාර්ගයේ ප්‍රධාන පදනමක් ලෙස අඛණ්ඩ ගුණාත්මක සංවර්ධනය පවතින බවත්, සේවකයන්ගේ දැනුම හා නවෝත්පාදන දිරිමත් කිරීම, පද්ධති තව දුරටත් ශක්තිමත් කිරීම, ප්‍රතිඵල මැනීම හා හොඳම ක්‍රියාකාරකම් සමස්ත රෝහල් ජාලය පුරා බෙදා හදා ගැනීමෙන් සායනික විශිෂ්ටත්වය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව අඛණ්ඩව ඉහළ නැංවීමට ආයතනය කටයුතු කරන බවත්ය. නවීන වෛද්‍ය තාක්ෂණය, යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය සඳහා අඛණ්ඩව ආයෝජනය කරන Medihelp Hospitals සෑම සේවකයකුටම සංවිධානයේ විශිෂ්ටත්වයට දායක විය හැකි සංස්කෘතියක් ගොඩ නඟමින් ශ්‍රී ලංකාවේ ජනතාවට ආරක්ෂිත, විශ්වාසනීය හා උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපැයීමට අඛණ්ඩව කැප වී සිටී.
Medihelp Hospitals NCQP 2026 රන් හා රිදී සම්මාන තුන බැගින් දිනයි