IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


Mark and Comm ශ්‍රී ලංකාවේ - මාලදිවයිනේ එකම Hootsuite - Talkwalker සහකරු බවට පත්වෙයි

Hootsuite -Talkwalker  හි උප සභාපති - නැගී එන වෙළෙඳපොළවල්, බෙන්ජමින් සවුබීස්, Mark and Comm  කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් සහ Hootsuite - Talkwalker  හි යුරෝපා, මැදපෙරදිග, අප්‍රිකානු සහ නැගී එන වෙළෙඳපොළවල් ආශ්‍රිත ආදායම් සහකරු අලෙසැන්ඩ් රෝට් රොයානි යන මහත්වරු 


 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක් වන Mark and Comm පෞද්ගලික සමාගම, Hootsuite සහ Talkwalke නිෂ්පාදන සේවා සඳහා ලංකාවේ සහ මාලදිවයිනේ එකම අලෙවිකරු සහ බෙදාහැරීම් නියෝජිත ලෙස පසුගියදා නම්කෙරුණි. 

මෙම සුවිශේෂී හවුල්කාරිත්වයෙන් ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය කළමනාකරණ සහ පාරිභෝගික සේවා විසඳුම් දෙකක් වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින රටවල් දෙකට ගෙන ඒමට හැකිවේ. එනම් ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය වෙළෙඳ නාම, ආයතන සහ බහුජාතික සමාගම් අතර ව්‍යවසාය මට්ටමේ සමාජ මාධ්‍ය අවබෝධය, මාධ්‍ය අධීක්ෂණය සහ සමාජ මාධ්‍ය කළමනාකරණ විසඳුම් සඳහා වැඩිවන ඉල්ලු‍මට ඉන් විසඳුම් සපයයි.

Talkwalker යනු ගෝලීය සමාජ මාධ්‍ය ජාල 30ක් සහ වෙබ් අඩවි මිලියන 150කට අදාළව පුළුල් ආවරණයක් සපයනු ලබන ප්‍රමුඛතම පාරිභෝගික හැසිරීම් නිරීක්ෂණ සේවාවකි. කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු මෙම සේවාව මගින් සමාජ මාධ්‍ය සවන්දීමට ලක්කෙරෙන අතර, ඒ හරහා සමාජ මාධ්‍ය සංවාද නිරීක්ෂණය, යහපත් ප්‍රතිචාර දැනගැනීමට සහ කීර්තිනාම හා කර්මාන්ත ප්‍රවණතා පිළිබඳ තත්කාලීන දැනුම ලබාගැනීමට ද හැකිවේ. 

මේ අතරHootsuite යනු ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය කළමනාකරණ වේදිකාවයි. ලොව පුරා මිලියන 25කට වැඩි පරිශීලකයන් පිරිසක් එය සතු අතර Fortune 1000 සමාගම් අතුරින් සමාගම් 800ක්ම එය භාවිත කරයි. එය සමාජ ජාල 35 කට වඩා සහය දක්වන අතර වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය කළමනාකරණ වේදිකාවකට වඩා ඒකාබද්ධ කිරීම් 100 කට වඩා ලබා දෙයි. මෑතකදී, G2 විසින් සමාජ මාධ්‍ය සවන්දීම, සමාජ මාධ්‍ය විශ්ලේෂණ සහ සමාජ මාධ්‍ය කට්ටල සඳහා අංක එකේ වේදිකාව ලෙස Hootsuite හඳුනා ගන්නා ලද අතර එය ඔවුන්ගේ 2025 ගිම්හාන වාර්තාවේ මුළු ඉහළම ශ්‍රේණිගත කිරීම් 178 න් එකකි.

මිලියන 12කට අධික ක්‍රියාකාරී අන්තර්ජාල පරිශීලකයන් සහ සමාජ මාධ්‍ය භාවිතයේ ඉහළයාමක් සහිත ලංකා වෙළෙඳපොළේ පරිපූර්ණ අධීක්ෂණ මෙවලම් හඳුන්වාදීමටත්, අර්බුද කළමනාකරණයේ දුෂ්කරතා ජයගැනීමටත් සහ මැනිය හැකි ව්‍යාපාරික ප්‍රතිඵල හඳුන්වාදීමටත් මේ හරහා මඟපෑදේ.

Mark and Comm සමාගම සමඟ එක්වHootsuite සහ Talkwalker ලංකාවට හා මාලදිවයිනට ගෙනඒමට ලැබීම අපට විශාල සතුටක්. මේ හරහා සමාගම්වලට සමාජ මාධ්‍ය හැසිරීම් ග්‍රහණය කරගැනීමටත්, ඒවා විශ්ලේෂණයටත්, ක්‍රියාමාර්ග ගැනීමටත් ඉඩසැලසෙනවා, යනුවෙන්  Hootsuite and Talkwalker  උප සභාපති නැගී එන වෙළෙඳපොළවල්, බෙන්ජමින් සවුබීස් මහතා පැවසුවේය.



අදහස් (0)

Mark and Comm ශ්‍රී ලංකාවේ - මාලදිවයිනේ එකම Hootsuite - Talkwalker සහකරු බවට පත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site