භානුක අමරසිංහ
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘Made in Sri Lanka’ වෙෙළඳ ප්‍රදර්ශනය මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව පවසයි. ඒ අනුව අද (29) සිට 31 දක්වා පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.
ගුණාත්මක තත්වයේ ප්‍රමිතිගත දේශීය නිෂ්පාදන රැසක් සහිත වෙළෙඳ කුටි 60කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වෙයි. එසේම විනෝදාත්මක සැණකෙළියක් ලෙසින් සංවිධානය කර ඇති මෙවර Made in Sri Lanka වෙළෙඳ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය ගැනුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ ඔවුන් සමගින් සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවස්ථාවද උදා වනු ඇතැයිද සංවිධායකයෝ පවසති. එසේම ප්‍රදර්ශනය හරහා මිලදී ගන්නා භාණ්ඩ විදේශයන්ට ප්‍රවාහනය කරදීම සදහා එම පරිශ්‍රය තුළ කුරියර් පහසුකම්ද සලසා ඇතැයි සඳහන් වෙයි.
‘Made in Sri Lanka’ ආරුගම්බේදී අද ඇරඹෙයි