ඉහළ කාර්යක්‍ෂමතාවක් සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය බලයලත් නියෝජිතයා වනDIMO සමග එක්ව නවීන විසඳුම්වලින් කලාපිය වශයෙන් නාවික සහ ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි.
පසුගිය වසර 30ක දිගු කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම MTU බලයලත් අලෙවි නියෝජිතයා ලෙසDIMO රටවල් ද්විත්වයේම සිටින 400කට අධික MTU පාරිභෝගිකයන්ට සහ එන්ජින් සඳහා ඉහළ සේවාවක් සපයමින් සිටි. එමෙන්ම ඒ ඔස්සේ ඉතා වැදගත් යටිතල පහසුකම් රැසක් සවිබල ගන්වයි.
සිය පාරිභෝගිකයන් මෙම නවතම විසඳුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා DIMO–MTU Technical Forum 2025 පසුගිය දිනක සංවිධානය කර තිබිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය ද නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ. එමෙන්ම MTU නියෝජිතයෝ සහDIMO නායකත්වය ද මෙම අවස්ථාවට එක් වූහ. මෙහිදී MTU Go! වැනි නවතම විසඳුම් පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරන ලදී. මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි නාවික සහ ඉංජිනේරු අංශයේ සාමාන්‍යාධිකාරී චතුර ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය. ”පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සියලුම MTU එන්ජින් සහ පද්ධති IoT හරහා මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් වෙත සම්බන්ධ කිරීමට MTU Go! මගින් අවස්ථාව සලසනවා.
එය, එන්ජින් ආශ්‍රිතව උද්ගතවන දෝෂ විනිශ්චය කිරීම, කාර්ය සාධන මිනුම් ලබා ගැනීම, සේවා කාලසටහන් සහ ජංගම උපාංග හරහා තොරතුරු ලබා ගැනීම මෙන්ම දත්ත පදනම් කර ගනිමින් තීරණ ගැනීම, සඳහා පූර්ණ ප්‍රවේශයක් මේ ඔස්සේ පිරිනමනවා.”
සැබෑ එන්ජින් භාවිතය සහ කාර්ය සාධන ප්‍රවණතා මත පදනම්ව සේවා කාල පරතරය දීර්ඝ කරන බව පැහැදිලි කරමින් ඔහු තවදුරටත් කාර්ය සාධනය මත පදනම් වූ නඩත්තු ක්‍රම පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කළේය. ‘‘මෙමඟින් අනවශ්‍ය අක්‍රිය කාලය සහ පිරිවැය අඩු කරනු ලබනවා.” ඒ වගේම එන්ජිමේ ආයු කාලය ද උපරිම කිරීමට එය ඉවහල් වන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
පර්‌යේෂණ කටයුතු පදනම් කරගත් සේවා සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට DIMO සහ MTU සැලසුම් කර තිබේ. දේශීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි උසස් විසඳුම් සකස් කිරීමටත්, සහයෝගීතාව ඔස්සේ දියත් කරන පර්‌යේෂණ සහ සංවර්ධන කටයුතු හරහා නව එන්ජින් ප්‍රභේද සංවර්ධනය කිරීමටත් මෙම ආයෝජන ඔස්සේ වැඩි අවධානය යොමු කෙරේ. මේ සම්බන්ධයෙන් MTU හි අධ්‍යක්ෂිකා (Parts & Logistics) (Asia) Gan Yien Yien, මහත්මිය සිය අදහස් එකතු කළේ මෙසේය. "MTU ValueCare හඳුන්වා දී තිබෙන්නේ විශේෂයෙන්ම උපරිම සේවා කාලයක්, දිගු ආයු කාලයක් සහ ප්‍රශස්ත පිරිවැයක් වෙනුවෙන්. මෙය සේවාදායකයන්ගේ උපකරණවලට වඩාත් ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති එකම සේවා පෙළයි. සේවා පමණක්ම නොවේ, අපි "MTU ValueCare සමගින් සේවාදායකයන්ට උපරිම විශ්වාසයක් ලබා දෙනවා. මෙහිදී අමතර කොටස්වල සිට නඩත්තුව සහ කාර්ය මණ්ඩල පුහුණුව දක්වා, සෑම අංගයක්ම නිර්මාණය කර තිබෙන්නේ පාරිභෝගිකයන්ගේ පහසු වෙනුවෙනුයි.”
ලංකා නාවික හමුදාවේ නාවික යාත්‍රා, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ හමුදාවල එන්ජින්, ලංකා විදුලිබල මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය සහ සෞඛය අමාත්‍යාශයේ ප්‍රධාන ජාතික යටිතල පහසුකම් ව්‍යාපෘති මෙන්ම නෙළුම් කුලුණ සහ පෞද්ගලික අංශයේ තවත් ව්‍යාපෘති කිහිපයක් ද MTU මගින් බල ගැන්වේ.
මීට අමතරව DIMO විසින් මාලදිවයිනේ නාවික පොලීසිය, සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහ යාත්‍රා 30කට වැඩි ගණනක් සඳහා MTU එන්ජින් සපයා ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ නාවික ඉංජිනේරු තාක්‍ෂණය ශක්තිමත් කිරීම සඳහා ද පෙරමුණ ගෙන සිටියි.
MTU-DIMO සහයෝගීතාවෙන් ලංකාවේ සහ මාලදිවයිනේ නාවික ඉංජිනේරු අංශ බලගැන්වේ