IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


MBSL  රුපියල් බිලියනයක ණයකර නිකුතුව 20 වැනිදා විවෘත කෙරේ

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) සමාගම රුපියල් බිලියන 1ක් රැස් කරගැනීම සඳහා සිදු කරන ණයකර නිකුතුව ලබන මැයි 20 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කරන බව එම සමාගම පවසයි. 

සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි, ලැයිස්තුගත ණයකර කොටස් මිලියන 10ක නිකුතුවක් ලෙස මෙය සිදු කෙරේ. මෙහිදී මූලික අදියර යටතේ ණයකර කොටස් මිලියන 5ක් නිකුත් කරන අතර, එක් ණයකර කොටසක වටිනාකම රුපියල් 100කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් කොටස් මිලියන 5ක් නිකුත් කිරීමට සමාගම සැලසුම් කරයි. 



අදහස් (0)

MBSL  රුපියල් බිලියනයක ණයකර නිකුතුව 20 වැනිදා විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site