භානුක අමරසිංහ
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙත ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) මගින් ලබා දී තිබූ BB+ ශ්‍රේණිගත කිරිම BBB- ලෙස ඉහළ නැංවීමට කටයුතු කර ඇතැයි එම සමාගම පවසයි. ඒ අනුව නොවැම්බර් 03 වැනිදා සිට මෙම ඉහළ නැංවීම සිදු කර තිබේ. එහිදී ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව එම ශ්‍රේණිගත කිරිම ලබාදී තිබෙන බවත් සඳහන් වෙයි. මේ වසරේ අප්‍රේල් 11 වැනිදා සිට මෙම BB+ ශ්‍රේණිගත කිරිම ලබාදී තිබුණි.
විශේෂයෙන්ම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සතු මූල්‍ය කාර්යසාධනයේ දියුණුව, ප්‍රාග්ධන තත්වයේ ශක්තිමත් බව සහ වත්කම් ගුණාත්මක බව කළමනාකරණය කරගැනිමට තවදුරටත් දක්වන දායකත්වය යන කරුණු මෙම ශ්‍රේණිගත කිරිම ඉහළ නැංවීම මගින් පිළිබිඹු වන බව ලංකා රේටින්ග්ස් ආයතනය පවසයි. එසේම වර්ධනය වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි පියසටහන, කල්බදු සහ රන් ණය අංශය හේතුවෙන් සමාගමේ ණය කළඹද ඉහළ ගොස් අතැයි එම ආයතනය සඳහන් කරයි.
LRA සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ශ්‍රේණිගත කිරිම ඉහළ නංවයි