IMG-LOGO

2026 අප්‍රේල් මස 20 වන සඳුදා


LRA වෙතින් සිලෝන් මනි මාර්කට් ෆන්ඩ් වෙත A ශ්‍රේණියක්


සිලෝන් ඇසෙස්ට් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ් මගින් පවත්වාගෙන යන සිලෝන් මනි මාර්කට් ෆන්ඩ් සඳහා ලබා දී ඇති ණය ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව A මට්ටම දක්වා ඉහළ නංවන බව ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) පවසයි. 

ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමෙන් එම අරමුදලෙහි ණය ප්‍රතිරූපය ඉහළ නැංවීම, විචක්ෂණශීලී අරමුදල් කළඹ කළමනාකරණය සහ ස්ථිරසාර කාර්යසාධනය මෙන්ම සිය ප්‍රකාශිත ආයෝජන අරමුණු සහ අවදානම් පරාමිතීන් වෙත දක්වන අවධානය පිළිබිඹු කරන බව ලංකා රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි. 

ලංකා රේටින්ග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කෙනත් ඩි සිල්වා මහතා අතින් සිලෝන් ඇසෙස්ට් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ් වෙත පසුගියදා එම ශ්‍රේණිගත කිරීමට අදාළ සහතිකය ප්‍රදානය කර තිබේ. 

මෙම සිලෝන් මනි මාර්කට් ෆන්ඩ් යනු විවෘත - අවසාන මුදල් වෙළෙඳපොළ අරමුදලක් ලෙස සැලකෙයි. ඒකක භාර (යුනිට් ට්‍රස්ට්) අරමුදලක් ලෙස ක්‍රියා කරන එය කෙටි කාලීන, ආයෝජන ශ්‍රේණියේ ස්ථාවර ආදායම් උපකරණවල ආයෝජන හරහා ආයෝජකයන්ට කෙටි කාලීන ප්‍රතිලාභ ලබා දෙන අතරම ප්‍රාග්ධනය ආරක්ෂා කර ගනිමින් සහ ද්‍රවශීලතාව පවත්වා ගැනීමට උත්සාහ කරන විවෘත මුදල් වෙළෙඳපොළ අරමුදලකි.



අදහස් (0)

LRA වෙතින් සිලෝන් මනි මාර්කට් ෆන්ඩ් වෙත A ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site