IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


LRA ඒෂියා සෙකියුරිටීස්හි ශ්‍රේණිගත කිරීම ඉහළ නංවයි


භානුක අමරසිංහ 


මෙරට ක්‍රියාත්මක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ලංකා රේටින්ග්ස් ආයතනය (LRA), කොළඹ කොටස් හුවමාරුවේ කොටස් තැරැව්කාර සමාගමක් වන ඒෂියා සෙකියුරිටීස් සමාගම වෙත ලබාදී තිබූ ස්ථාවර ඉදිරි දැක්මක් සහිත BBB ශ්‍රේණිගත කිරීම BBB+ මට්ටමට ඔසවා තබන බව පවසයි. 

විශේෂයෙන්ම මෙම ඔසවා තැබීම මගින් සමාගමේ ශක්තිමත් ලාභදායීත්වය, වැඩිදියුණු වූ ප්‍රාග්ධනීකරණය සහ පුළුල්වන මෙහෙයුම් මෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යන විචක්ෂණශීලී වෙළෙඳපොළ කළමනාකරණ සහ සිය ගනුදෙනුකරුවන් හා සම්බන්ධ ණය කටයුතු සඳහා වන හැකියාව පිළිබිඹු වන බව LRA පවසයි. 

 



අදහස් (0)

LRA ඒෂියා සෙකියුරිටීස්හි ශ්‍රේණිගත කිරීම ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site