IMG-LOGO

2026 මැයි මස 06 වන බදාදා


LOLC ෆිනෑන්ස් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සවිබල ගැන්වීම පුළුල් කරයි

කලාපීය ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක්


LOLC ෆිනෑන්ස්, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශය සඳහා සහාය තවදුරටත් ඉහළ නංවමින්, සියල්ලන් ඇතුළත් ආර්ථික සංවර්ධනයක් උදෙසා තම කැපවීම තවදුරටත් සවිමත් කරයි.

LOLC ෆිනෑන්ස්, එහි පෞද්ගලික මූල්‍ය ව්‍යාපාර ඒකකය හරහා පසුගිය මාස 6 ක කාලය තුළ නව ගනුදෙනුකරුවන් 2000 කට වැඩි සංඛ්‍යාවක් සමගින් දිවයිනේ ප්‍රධාන කලාපවල ඉලක්කගත පාරිභෝගික පුහුණු හා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක් සම්පූර්ණ කර ඇත.

සියල්ලන් මූල්‍ය ප්‍රවාහයට ඇතුළත් කිරීමේ ප්‍රයත්නය ශක්තිමත් කිරීම සහ තිරසාර ජීවනෝපාය සඳහා සහාය වීම යන LOLC ෆිනෑන්ස් හි පුළුල් මෙහෙවරට අනුකූලව මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන බම්බලපිටිය LOLC ෆිනෑන්ස් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. පසුව දිවුලපිටිය, මතුගම, නිට්ටඹුව, මඩකලපුව, වැල්ලවාය, චෙන්කල් අඩි, සූරියවැව, යාපනය, බදුල්ල 1, බදුල්ල 2, කහටගස්දිගිලිය, තංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල අනෙකුත් වැඩසටහන් පැවැත්විණි.

“ව්‍යාපාර හිමිකරුවන් සවිබල ගැන්වීම; ඔබේ ව්‍යාපාරය ගොඩනැංවීම වර්ධනය කිරීම සහ තිරසර ලෙස පවත්වාගෙන යාම’’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම කලාපීය වැඩසටහන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මුහුණ දෙන ප්‍රායෝගික අභියෝගවලට විසඳුම් සපයමින් නිර්මාණය කර ඇත. එහිදී ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරලීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සහ ස්ථාවර ව්‍යාපාර වර්ධනයට සහාය වීම සඳහා උපායමාර්ග පිළිබඳ සහභාගීවන්නන් දැනුවත් කරලීමට කටයුතු කෙරිණ. 

ව්‍යාපාර ස්ථාවරත්වය උදෙසා මූල්‍ය ශක්තියක් හා මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බව හඳුනාගනිමින් මෙම දැනුවත් කිරීමේ සැසිවලදී එදිනෙදා මූල්‍ය කළමනාකරණය, මූල්‍ය සාක්ෂරතාව, මුදල් ප්‍රවාහන කළමනාකරණය, වගකිවයුතු ආකාරයෙන් ණය ගැනීම, දැනුවත්භාවයෙන් යුත් ආයෝජන තීරණ, ආදායම් විවිධාංගීකරණය, ව්‍යවසායකත්වය, ව්‍යාපාර සැලසුම් කිරීම, නිෂ්පාදනය තිරසාර කෘෂිකර්මාන්තය, වෙළෙඳපොළ හඳුනාගැනීම, ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම, රඳවා ගැනීම සහ සීමිත අයවැයකට ගැලපෙන යථාර්ථවාදී අලෙවිකරණ සැලසුම් වැනි මූලික සංකල්ප පිළිබඳ ප්‍රායෝගික මඟපෙන්වීමක් ලබා දෙන ලදී. මෙම මොඩියුල මගින්, කාන්තාවන්, තරුණයන් සහ ග්‍රාමීය ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සවිබල ගැන්වීම ඔස්සේ සම්බන්ධතා කළමනාකරණය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කෙරිණි. වෙළෙඳ නාම පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කිරීම සහ නව වෙළෙඳපොළ අවස්ථා හිමිකර ගැනීම සඳහා Facebook සහ TikTok වැනි ඩිජිටල් වේදිකා ඵලදායී ලෙස යොදා ගැනීම පිළිබඳව ද සහභාගීවන්නන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබීය. මෙම වැඩසටහන්වල කැපී පෙනෙන ප්‍රධානතම අංගයක් වූයේ කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් එදිනෙදා ව්‍යාපාර මෙහෙයුම්වලට යොදා ගැනීම පිළිබඳ සජීවී ආදර්ශනයයි.

ප්‍රජාව කෙරෙහි බලපෑම තවදුරටත් පුළුල් කරමින් LOLC ෆිනෑන්ස්, මධ්‍යස්ථාන නායකත්ව වැඩසටහන්, බිබිල, අකුරැස්ස, දඹුල්ල, කුලියාපිටිය, මොනරාගල, අම්බලන්තොට, තංගල්ල, මන්නාරම, ගම්පොල, තිස්සමහාරාම, බලංගොඩ සහ ගල්ගමුව යන ප්‍රදේශවල පවත්වන ලදී. මෙම වැඩසටහන් LOLC ඉසුරු දිරිය මධ්‍යස්ථාන ආකෘතිය තුළ නායකත්වය සවිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙම මධ්‍යස්ථාන නායකයන්ට නායකත්ව සංවර්ධනය, දිරිගැන්වීම, සන්නිවේදනය, පුද්ගල කළමනාකරණය සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පුහුණුවක් හිමිවූ අතර, එමගින් ඔවුන්ට සේවාදායක බලමුළු රැස් කිරීම, ණය අයකර ගැනීම සහ තිරසාර ප්‍රජා සහභාගීත්වය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවනු ඇත.

වැඩසටහනේ සාර්ථකත්වය සලකුණු කරමින්, තංගල්ලේ එම්. ලලිතා මහත්මිය මෙලෙස අදහස් දක්වූවාය. “මධ්‍යස්ථාන නායකත්ව වැඩසටහන මට නිරන්තරයෙන් වර්ධනය වීමට අවශ්‍ය විශ්වාසය, දැනුම හා දිරිගැන්වීම ලබා දුන්නා. මගේ පළමු ණය මුදලේ සිට, දැන් අන් අයට නායකත්වය ලබාදීම දක්වා මගේ ජීවිතයේ සෑම වැදගත් පියවරකදීම LOLC ෆිනෑන්ස් මට සහාය වී තිබෙනවා.

LOLC ෆිනෑන්ස් හි දිගු කාලීන ගනුදෙනුකාරියක වන දිල්රුක්ෂි කුමාරි මහත්මිය තවදුරටත් මෙසේ සඳහන් කළාය. “අවශ්‍ය කලට LOLC ෆිනෑන්ස් වෙතින් ලැබුණු මූල්‍ය සහාය සහ ස්ථාවර මඟපෙන්වීම නිසා මට මගේ කුඩා සාප්පුව සමෘද්ධිමත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට හැකිව තිබෙනවා.”



අදහස් (0)

LOLC ෆිනෑන්ස් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සවිබල ගැන්වීම පුළුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site