IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


LOLC අල්-ෆලාහ් 2025 SLIBFI සම්මාන ප්‍රදානයේදී රන් සම්මාන 05 ක් දිනාගනී

LOLCෆිනෑන්ස් පීඑල්සී විකල්ප මූල්‍ය සේවා ඒකකය වන LOLC අල්-ෆලාහ්, ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය අවකාශයේ අවිවාදිත ප්‍රමුඛස්ථානය යළි තහවුරු කර ගනිමින්, 14 වැනි ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ආයතන (SLIBFI)  2025 සම්මාන ප්‍රදානයේදී අති විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කරගනු ලැබීය. 
LOLC අල්-ෆලාහ්, විශිෂ්ට මූල්‍ය වර්ෂයක් අවසන එම ජවය තවදුරත් ඉදිරියට රැගෙන යමින් 2025 SLIBFI සම්මාන ප්‍රදානයේදී සිය පෙර මිණුම් සලකුණු මෙන්ම අනෙක් තරගකාරී සමාගම්ද අභිබවා යාමට සමත් විය.
2025 අගෝස්තු 8 වැනිදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති උත්සවයේදී, LOLCඅල්-ෆලාහ්, වසරේ ඉස්ලාමීය මූල්‍ය ආයතනය, වසරේ NBFI (බැංකු නොවන මූල්‍ය ආයතනය) සහ වසරේ මූල්‍ය ද්වාරය උදෙසා කීර්තිමක් රන් සම්මාන ජයග්‍රහණය කළේ එම සන්ධ්‍යාවේ කැපී පෙනෙන සිදුවීම් පෙළ ලෙසිනි. 
ඊට අමතරව LOLC අල්-ෆලාහ් වසරේ හොඳම ඩිජිටල් නිෂ්පාදනය (i-Pay)  සහ සමාජ අභිවෘද්ධි සම්මානය ජයග්‍රහණය කළ අතර, ක්ෂේත්‍රයේ එහි විශිෂ්ටත්වය, තිරසර ක්‍රියාකාරීත්වය මෙන්ම සදාචාරාත්මක සහ සියල්ලන් ඇතුළත් මූල්‍ය සේවාවල නව මිණුම් සලකුණු සැකසීම සඳහා එහි අචල කැපවීම එමඟින් පිළිබිඹු වෙයි.
ක්ෂේත්‍රයේ මීළඟ පරපුරේ නායකයන් බිහිකරලීම උදෙසා LOLC අල්-ෆලාහ් හි කැපවීම සලකුණු කරමින්, එහි කාර්ය මණ්ඩලයේ සාබික් නියාස්, වසරේ නැගී එන ඉස්ලාමීය මූල්‍ය සේවා පෞරුෂය (පිරිමි) ලෙසින් කිරුළු පැළදීය. ඔහු මෙම ගෞරවනීය සම්මානය මීට පෙරද  ජයග්‍රහණය කළ LOLC අල්-ෆලාහ් කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් කිහිප දෙනා අතර වෙයි.    
SLIBFI සම්මාන ප්‍රදානයේදී අඛණ්ඩව ඉහළම ජයග්‍රාහකයන් අතර පිළිගැනීමට ලක්වූ  LOLC  අල්-ෆලාහ්, ශ්‍රී ලංකාවේ විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දරන තිරසර නායකත්වය මෙම ජයග්‍රහණයෙන් තවදුරටත් තහවුරු වේ.  
පෙර වසරවලදී ද මෙම සම්මාන ප්‍රදානයේදී රන් හා රිදී සම්මාන රැසක් දිනාගෙන ඇති  LOLC  අල්-ෆලාහ්, මෙවර සියලු‍ ප්‍රධාන කාණ්ඩවල රන් සම්මාන ජයග්‍රහණය කීරීම කැපී පෙනෙන ඉදිරි පියවරකි. එය නොනැවතී විශිෂ්ටත්වය හඹායාම සහ පෙර ලැබූ සාර්ථකත්වය අභිබවා යාම සඳහා වූ අපිරිමිත උත්සාහය සනිටුහන් කරයි.
 LOLC  අල්-ෆලාහ්, ගමන් මඟේ සන්ධිස්ථානයක් සලකුණු කරන මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ  LOLC  ෆිනෑන්ස් පීඑල්සී හි විකල්ප මූල්‍ය සේවා ඒකකයේ ප්‍රධානී ශිරාස් රිෆායි මහතා මෙසේ පැවසීය. “මෙය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොව, අපගේ අගනා සේවාදායකයන් අපේ සේවා විශිෂ්ට අන්දමින් පිළිගැනීම මෙන්ම පරිපූර්ණ හා නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම පිළිබඳ ප්‍රකාශනයක් ද වේ.  LOLC අල්-ෆලාහ් ශ්‍රී ලංකාවේ විකල්ප මූල්‍ය සේවාවල විශිෂ්ටත්වයේ කඩයිම් නැවත අර්ථ දක්වා ඇත. අපගේ ඉලක්කය අන් අය සමඟ තරග කිරීම නොව අප සමගම තරග කිරීමයි. එහි අරමුණ සේවා තත්වය සෑම වසරකදීම අඛණ්ඩව ඉහළ නංවමින් අපේ ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ මූල්‍ය නිදහසක් ලබා දීමයි. නවෝත්පාදනය, ඩිජිටල් පරිවර්තනය, මූල්‍ය ඇතුළත් කිරීම සහ සමාජ බලපෑමක් ඇතිකිරීම සඳහා අප කණ්ඩායමේ කැපවීම, අප ඉදිරියට රැගෙන යන බලවේගයයි. අපගේ අගනා ගනුදෙනුකරුවන් උදෙසා ප්‍රායෝගික සහ ක්‍රියාවට නැංවිය හැකි මූල්‍ය විසඳුම් ලබා දෙමින් අපි මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවණතා සකසන්නකු බවට පත්වී සිටිමු”
සමාජ අභිවෘද්ධි සම්මානය මෙහිදී, සදාචාරාත්මක මූල්‍යකරණය සඳහා  LOLC  අල්-ෆලාහ් හි නායකත්වය සහ ප්‍රජා සංවර්ධනය සඳහා එහි කැපවීම තවදුරටත් අවධාරණය කරයි. සේවා සැපයුම් අඩු සහ මූල්‍යමය සාක්ෂරතාව අඩු ප්‍රජාව අතර මූල්‍ය ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කරමින් මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීමට සමාගම දරන අඛණ්ඩ උත්සාහය මෙම පිළිගැනීමෙන් පිළිබිඹු වේ. මෙම සම්මාන පෙළ ධනාත්මක සමාජ බලපෑමක් උදෙසා සමාගම ඉටු කරන පුරෝගාමී මෙහෙවර ඉස්මතු කරන අතර, මූල්‍ය ඇතුළත් කිරීම, තිරසාරභාවය සහ වගකීමෙන් යුත් මූල්‍ය භාරකාරත්වය ආදී වටිනාකම් සඳහා සාක්ෂි දරයි.



අදහස් (0)

LOLC අල්-ෆලාහ් 2025 SLIBFI සම්මාන ප්‍රදානයේදී රන් සම්මාන 05 ක් දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site