IMG-LOGO

2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා


LOLC Finance කෘත්‍රිම බුද්ධියට වැඩි අවධානයක

  • AI යොදාගෙන අනාගතයට සූදානම් ආයතනයක් ගොඩනැගීම අපේක්ෂාව බව පවසයි

LOLC සමූහයට අයත් LOLC Finance  සමාගම සිය මූල්‍ය සේවා පරිවර්තනයේ මීළග අදියර වෙත යොමුවීමේදී මූලිකවම කෘත්‍රිම බුද්ධිය (AI), උසස් දත්ත විශ්ලේෂණ සහ බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය යනාදිය උපායමාර්ගිකව භාවිත කිරීම වෙත අවධානය යොමු කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙම තාක්ෂණය භාවිතා කිරිම හරහා පාරිභෝගික අන්තර්ක්‍රියා, ණය ඇගයීම, හැසිරීම් විශ්ලේෂණය, වංචා හඳුනාගැනීම, නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණය වැළැක්වීම් අධීක්ෂණය, මෙහෙයුම් ක්‍රියාවලි සහ තීරණ ගැනීමේ ක්‍රියාවලි තුළ බුද්ධිමත් තාක්ෂණය ඒකාබද්ධ කිරීම මගින්, වඩාත් නම්‍යශීලී, ප්‍රතිචාරාත්මක සහ අනාගතයට සූදානම් ආයතනයක් ගොඩනැගීම අපේක්ෂාව බවත් පවසයි.

2025/26 මූල්‍ය වර්ෂය සඳහා LOLC Finance  සමාගම පසුගියදා නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.

අනාගතය දෙස බැලීමේදී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණ-පාදක මූල්‍ය ආයතනයක් ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගනිමින්, ආරක්ෂිත, කාර්යක්ෂම සහ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා සැපයීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI), ස්වයංක්‍රීයකරණය සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලි භාවිතය පුළුල් කිරීමට සමාගම අඛණ්ඩව කටයුතු කරනු ඇතැයිද එහි සඳහන්ව තිබේ.



අදහස් (0)

LOLC Finance කෘත්‍රිම බුද්ධියට වැඩි අවධානයක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site