IMG-LOGO

2026 සැප්තැම්බර් මස 09 වන බදාදා


LOLC Finance කොටස් නැවත මිලදී ගැනීම සැප්තැම්බර් 09 දා

LOLC සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත LOLC Finance  හි කොටස් හිමිකරුවන් සතු කොටස් නැවත මිලදී ගැනීමේ කටයුතු ලබන සැප්තැම්බර් 09 වැනිදා ආරම්භ කරන බව පවසයි. මෙම මිලදී ගැනීම සැප්තැම්බර් 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. මෙම කොටස් සඳහා මුදල් ගෙවීම ඔක්තෝබර් 05 වැනිදා සිදු කෙරේ. 

එම සමාගම පසුගිය ජූලි මාසයේදී කළ අනාවරණයකට අනුව සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 2,299,122,556ක් නැවත මිලදී ගැනීමට සූදානම්ව සිටියි. මෙය සමාගම නිකුත් කර ඇති සෑම කොටස් 90 කින් කොටස් 7කි. එහිදී කොටසක් රුපියල් 7ක් බැගින් මෙම මිලදී ගන්නා කොටස්වල වටිනාකම රුපියල් බිලියන 16.09 ක් (16,093,857,892.00ක්) ලෙස සටහන්ව තිබේ. 



අදහස් (0)

LOLC Finance කොටස් නැවත මිලදී ගැනීම සැප්තැම්බර් 09 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site