IMG-LOGO

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා


LOLC ෆිනෑන්ස් වෙතින් ඉහළ ප්‍රතිලාභ සහිත කෙටිකාලීන ස්ථාවර තැන්පතු

LOLC ෆිනෑන්ස්, වගකීම් කළමනාකරණ ප්‍රධානි රොෂානි වීරසේකර

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස්, වෙළෙඳපොළේ වඩාත් ආකර්ෂණීය සහ තරගකාරී පොලී අනුපාත යටතේ මාස 4න් සහ මාස 7න් කල් පිරෙන සුවිශේෂී කෙටිකාලීන ස්ථාවර තැන්පතු හඳුන්වාදීම ප්‍රකාශයට පත්කරයි. තම ඉතුරුම් වර්ධනය කරගැනීමට සහ රැකගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන ශ්‍රී ලාංකිකයන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම නව ස්ථාවර තැන්පතු, ක්ෂේත්‍රයේ වඩාත් විශ්වාසදායක මූල්‍ය ආයතනයේ සහයෙන් ස්ථාවරත්වය, ආරක්ෂාව හා ආකර්ෂණය ප්‍රතිලාභ සහිත ප්‍රබල සංයෝජනයක් පිරිනමයි. 

දිවයිනේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස LOLC ෆිනෑන්ස්, සිය මූල්‍ය ශක්තිය, නොසැලෙන ඔරොත්තු දීමේ හැකියාව සහ පාරිභෝගික වත්කම් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීමේ විශේෂඥතාව අඛණ්ඩව තහවුරු කර ඇත. 2024/25 මූල්‍ය වර්ෂය සඳහා සමාගම රුපියල් බිලියන 25.1 ක බදු ගෙවීමෙන් පසු ලාබයක් (PAT) වාර්තා කළ අතර, 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 14ක බදු ගෙවීමෙන් පසු ලාබයක් (PAT) වාර්තා කර ඇත්තේ සියයට 72ක කැපී පෙනෙන වාර්ෂික වර්ධනයක් සලකුණු කරමිනි. 

සමාගම පසුගිය වසරේ මූල්‍ය ක්‍රියාකාරිත්වය අභිබවා යන බව ඒ අනුව මූල්‍ය වර්ෂය අවසන්වීමට පෙරම පෙන්නුම් කර තිබේ. මෙම සුවිශේෂී වර්ධන ගමන් මග ශක්තිමත් කරමින් LOLC ෆිනෑන්ස්, රුපියල් බිලියන 360.2 ක දළ ණය කළඹක් පවත්වාගෙන යන අතර, 2025 සැප්තැම්බර් 30 වැනිදා වනවිට එහි පාරිභෝගික තැන්පතු සංචිත රුපියල් බිලියන 238.6 දක්වා වර්ධනය වී තිබේ.

LOLC ෆිනෑන්ස්, ලංකා රේටිං ආයතනය මඟින් A+ (ස්ථාවර) ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, එහි මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් පාලන ක්‍රමවේදයක් සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල් අවංකව විශ්වාසදායක ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ කැපවීම මෙමගින් යළි තහවුරු කරයි.

නව සුවිශේෂී ස්ථාවර තැන්පතු පෙළ හඳුන්වා දෙමින් LOLC ෆිනෑන්ස්, වගකීම් කළමනාකරණ ප්‍රධානී (Head of Liability Management) රොෂානී වීරසේකර මහත්මිය මෙසේ පැවසුවාය. 

“ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් ජනතා ප්‍රසාදයට පාත්‍ර බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස LOLC  ෆිනෑන්ස් පීඑල්සී; මූල්‍ය සවිබලගැන්වීම, විශ්වාසනීයත්වය සහ අගයන් ස්ථාවර ලෙස ලබාදෙමින් මිලියන සංඛ්‍යාත පිරිසකගේ විශ්වාසය දිනා ඇත. 

අද වනවිට ප්‍රමුඛ පෙළේ බැංකු හා සම සමව කටයුතු කරන අපි, ගනුදෙනුකරුවන් සිය ජීවිත කාලය තුළ සිදු කළ ඉතුරුම් රැක ගැනීමට විශ්වාසය තබන ආයතනයවීම ගැන නිහතමානීව ආඩම්බරයට පත්වෙමු. 

මෙම නව කෙටි කාලීන ස්ථාවර තැන්පතු විශේෂයෙන් වෙහෙස මහන්සි වී වැඩකරන පවුල් සහ කුඩා ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලාංකිකයන්ට කෙටි කාලයක් තුළ ඉහළ ප්‍රතිලාභ උපයමින් ඔවුන්ගේ මුදල් සුරක්ෂිත දෑතක ඇති බවට විශ්වාසය ලබාදීම සඳහා නිර්මාණය කරන ලද්දකි. 

ඔබ මහන්සි වී උපයාගත් ධනයට එහි අගය වටහා ගන්නා රැකවලෙකු අවශ්‍ය වේ. LOLC  ෆිනෑන්ස්හි අපි ඔබේ වත්කම් ආරක්ෂා කරමින් වර්ධනය කරලීමට මුළුමනින්ම කැප වී සිටිමු.



අදහස් (0)

LOLC ෆිනෑන්ස් වෙතින් ඉහළ ප්‍රතිලාභ සහිත කෙටිකාලීන ස්ථාවර තැන්පතු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site