IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


LOLC ෆිනෑන්ස් රු.බි. 15ක ණයකර නිකුතුව දෙසැම්බර් 02දා

භානුක අමරසිංහ

LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා ලබන දෙසැම්බර් 02 වැනිදා විවෘත කරන බව පවසයි. මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි වසර පහකින් කල්පිරෙන ණයකර නිකුතුවක් ලෙස සිදු කෙරේ. 

එහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කෙරෙන අතර, ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරේ. එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුව හරහා රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 15කි. 

මෙහිදී වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන එම ණයකර Type A,B සහ C ලෙස වර්ග කර තිබේ. ඒ අතරින් Type A සඳහා වාර්ෂිකව ගෙවන සියයට 11.25ක වාර්ෂික ස්ථාවර කූපන් අනුපාතයක්ද, Type B සඳහා අර්ධ-වාර්ෂිකව ගෙවන සියයට 10.95ක වාර්ෂික ස්ථාවර කූපන් අනුපාතයක්ද, Type C සඳහා වාර්ෂිකව ගෙවන දින 364ක භාණ්ඩාගාර බිල්පත් + සියයට 2.50 ක වාර්ෂික පාවෙන පොලී අනුපාතයක්ද ගෙවන බව සමාගම පවසයි.



අදහස් (0)

LOLC ෆිනෑන්ස් රු.බි. 15ක ණයකර නිකුතුව දෙසැම්බර් 02දා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site