IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


LOLC ෆිනෑන්ස් රු. බි. 15ක ණයකරයට මහ බැංකුවේ අනුමැතිය

භානුක අමරසිංහ 

LOLC ෆිනෑන්ස් පීඑල්සි සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරිමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුව සඳහා මහ බැංකුවේ අනුමැතිය හිමි වූ බව පවසයි. ඒ අනුව මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කිරීමෙන් අනතුරුව එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටත් බලාපොරොත්තු වන බව සමාගම පවසයි. 


මෙහිදී LOLC ෆිනෑන්ස් පීඑල්සි සමාගම ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් 150,000,000ක් නිකුත් කරන අතර, කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුව හරහා රැස් කරන වටිනාකම රුපියල් බිලියන 15කි.



අදහස් (0)

LOLC ෆිනෑන්ස් රු. බි. 15ක ණයකරයට මහ බැංකුවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site