IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


LOLC ෆිනෑන්ස් ණයකර නිකුතුවකින් රුපියල් බිලියන 20ක් රැස් කරගැනීමට යයි

භානුක අමරසිංහ 


LOLC හෝල්ඩිංග්ස් සමූහයට අයත් LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර නිකුතුවක් හරහා  රුපියල් බිලියන 20ක මුදලක් රැස් කිරීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. 
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදු කරන බව සමාගම පවසයි. මෙහිදී ණයකර කොටස් මිලියන 200ක් නිකුත්  කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් රැස්කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 20කි. 
මෙම නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේද අනුමැතිය හිමිව ඇති බවත්, එම ණයකර කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරෙන බවත් LOLC  ෆිනෑන්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

LOLC ෆිනෑන්ස් ණයකර නිකුතුවකින් රුපියල් බිලියන 20ක් රැස් කරගැනීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site