භානුක අමරසිංහ
LOLC සමූහයට අයත් LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන් සතු කොටස් යළි මිලදී ගැනීම ඊයේ දිනයේදී ආරම්භ වුණු බව වාර්තා වෙයි. මෙම කොටස් යළි මිලදී ගැනීම ලබන ජූලි 08 වැනිදා දක්වා සිදුවෙයි. මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 3,519,065,138 ක් ආපසු මිලදී ගැනීම සිදු කරන බව සමාගම පවසයි.
එක් කොටසක් රුපියල් 6 ක් බැගින් මෙම මිලදී ගැනීම සිදු කරන අතර, ඒ සඳහා ගෙවන මුළු මුදල රුපියල් බිලියන 21 ක් (21,114,390,828 ක්) ලෙස සටහන්ව තිබේ. ලබන ජූලි 23 වැනිදා වනවිට අදාළ කොටස් සඳහා අදාළ මුදල් කොටස් හිමිකරුවන්ට ගෙවීම සිදු කරන බවත් සමාගම පවසයි.
පසුගිය ජූනි 24 වැනිදා කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසන් වීමෙන් අනතුරුව මෙම මිලදී ගැනීම වාර්තා කෙරුණු අතර, 25 සිට 28 දක්වා කාලය තුළ ඊට අදාළ ලියැවිලි සහ මිලදී ගැනීම බාර ගැනීමට අදාළ ලේඛන බෙදාහැරීම සිදුවිය. මේ වන විට සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය කොටස් 33,079,212,299 කි. ඒ අතරින් 32,248,848,267 ක් මුල් කොටස් හිමිකරුවන් 20 දෙනා අතර බෙදී පවතී.
LOLC ෆිනෑන්ස් කොටස් යළි මිලදී ගැනීම ඇරඹෙයි