IMG-LOGO

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා


LOLC දිවිසවිය දෙවැනි අදියර පාසල් 200 ක ප්‍රතිසංස්කරණ සමග ඇරඹේ

LOLC දිවිසවියිඔබයි මමයි අපේ රටයි’ සමාජ සත්කාර වැඩසටහනේ පළමු අදියරිදිට්වා’ සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමෙන් ප්‍රකෘතිමත් වන ශ්‍රී ලාංකික ජනසමාජයට කැපී පෙනෙන සහායක් වෙමින් සාර්ථක ලෙස සමාප්ත කෙරිණ. එහිදී ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක හයක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69 ක් ආවරණය කරමින් පීඩාවට පත් පවුල්වල ටිසුපිරි සහන මලු‍’ බෙදා දෙනු ලැබීය.
පළමු අදියරේ එම සාර්ථකත්වය මත පදනම්ව LOLC දිවිසවිය 2026 ජනවාරි 5 වැනිදා, ‘ඔබයි මමයි අපේ රටයි’ වැඩසටහනේ දෙවැනි අදියර වහා ආරම්භ කළේ දිවයින පුරා පාසැල් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරමිනි. සුළි කුණාටුවෙන් හානියට පත් පාසැල් 200 ක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති මෙම අදියර යටතේ එම පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාමට ශක්තියක් ලබාදේ. 
රුපියල් මිලියන 400 ඉක්මවූ මුළු ආයෝජනයක් සිදු කෙරෙන මෙම සමස්ත වැඩසටහන, පවුල් සඳහා සුපිරි සහන මලු‍ බෙදා දීම, දෙවැනි අදියරේ පාසැල් ප්‍රතිසංස්කරණ සහ තුන්වැනි අදියරේදී, සුළි සුළඟින් විනාශයට පත් තෝරාගත් පාසැල් මුළුමනින්ම නැවත ගොඩනැගීම යන අදියරවලින් සමන්විත වේ. අපේ ව්‍යාපෘති කණ්ඩායම අදාල රජයේ බලධාරීන් සමග සමීපව කටයුතු කරමින්, ඔවුන්ගේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ, සම්පූර්ණයෙන් විනාශ වූ පාසැල් කිහිපයක් ඇතුළුව වඩාත් හානිකර බලපෑමට ලක් වූ පාසැල් සහ පවුල් පරීක්ෂාකාරීව හඳුනාගෙන ඇත. එම සියලු‍ ඇගයීම් නිල ආයතන මගින් නිසි ලෙස සම්පූර්ණයෙන් තහවුරු කර ඇති අතර, මෙම සහාය වගකීමෙන් සහ විනිවිදභාවයෙන් යුතුව වඩාත් අවශ්‍ය අයට ලැබීම සහතික කරයි. 
හදිසි ආපදාවලින් විනාශයට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට යොමු වන වැඩසටහනේ දෙවැනි අදියරට පිවිසීම මහනුවර කොළඹිස්ස විද්‍යාලයෙන් සංකේතාත්මකව ආරම්භ කරන ලදී. දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ අපේම ජනතාවට සුවයක්, සහනයක් සැලසීම අරමුණුකරගත් මෙම අවස්ථාවට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, අධ්‍යාපන අමාත්‍යාංශයේ මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මදුපානි පියසේන යන මහත්ම මහත්මීහු එක්වූහ. LOLC සමූහයේ සමාගම්වල කලාප හා ශාඛා කළමනාකරුවන් මෙන්ම LOLC දිවිසවිය, මාධ්‍ය සහ සම්බන්ධීකරණ පහසුකම් සපයන්නා වන MTV චැනල්ස් (පුද්ගලික) සමාගමේ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
LOLC දිවිසවිය ‘ඔබයි මමයි අපේ රටයි’ වැඩසටහනේ දෙවැනි අදියරේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ කිත්සිරි ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “අර්බුදකාරී අවස්ථාවලදී ප්‍රකෘතිමත් වීම, කඩිනම් සහනවලින් ඔබ්බට ගොස් ස්ථාවරත්වය, ගෞරවනීයත්වය සහ අවස්ථා යථා තත්වයට පත්කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුවේ. එවැනි විනාශකාරී බලපෑමක් සිදුවන අවස්ථාවලදී විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් දරුවන් අතිශය ඉහළ මානසික කම්පනයකට ලක්වන අතර, ඔවුන් දිගුකාලීනව අහිතකර මානසික තත්වයන්ට ගොදුරුවිය හැකි බව අපගේ නිරීක්ෂණයයි. මේ නිසා එම දරුවන්ට තම පාසලේ තමන්ට හුරු පුරුදු පරිසරයට යළි පැමිණීමට හැකියාව ලබාදීම ඉතා වැදගත් වේ. අධ්‍යාපනය යනු ජීවිත නැවත ගොඩනැංවීමට සහ අපේ ජාතියේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා වඩාත් බලගතු පදනම බව අමතක නොකළ යුතුය.
දිවිසවියේ මෙම අදියර හරහා සුළි කුණාටුවේ විනාශයෙන් අධ්‍යාපන කටයුතු බොහෝ සේ අඩපණ වී ඇති දරුවන් සඳහා ආරක්ෂිත සහ ක්‍රියාකාරී ඉගෙනුම් පරිසරයක් අපි ප්‍රතිස්ථාපනය කරමින් සිටිමු. මෙම අර්බුදයෙන් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ කිසිදු දරුවකු මග නොහැරීම එමගින් අපි සහතික කරමු. මීළඟ අදියරේදී මුළුමනින්ම විනාශවූ පාසැල් නැවත ගොඩනැගීමෙන්, දරුවන්ට ආරක්ෂිත අනාගතයක් සහ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඒවා අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලෙන් සම්පූර්ණ කිරීම අපගේ අපේක්ෂාවයි”. 
LOLC දිවිසවිය 2022 වසර මුලදීිජීවිතය දිනන්නට’ යන තේමාවෙන් ප්‍රථම වරට දියත් කරන ලද්දේ ගෝලීය වසංගතයෙන් පසු ආර්ථික අර්බුදය මධ්‍යයේ සංකීර්ණ අභියෝගවලට මුහුණ දී සිටි පවුල් 125,000 කට දින 100 ක් පුරා වියලි සළාක බෙදා හරිමිනි. ඉන් පසුවිදැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්’ ආරම්භ කරන ලද දිවි සවිය දෙවැනි වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40 ක් පමණ ආවරණය වන පරිදි පාසල් 4090 ක සිසුන් 296,025 කට සහාය වූයේ ඉහළ යන වියදම සහ ආර්ථික දුෂ්කරතා මැද ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය තර්ජනයට ලක් වූ අවස්ථාවකදීය. LOLC සමූහය එම වැඩසටහන සඳහා සිදු කරන ලද ආයෝජනය රුපියල් බිලියන 2.5කි.
දිවි සවිය වැඩසටහනේ සෑම පරිච්ඡේදයක් මගින්ම පිළිබිඹු කෙරෙන්නේ ජාතිය මුහුණ දෙන සෑම අර්බුදයකදීම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට LOLC හි පවතින තිර අධිෂ්ඨානයයි. එයිඔබයි මමයි අපේ රටයි’ වැඩසටහන සමඟ නව ශක්තියකින් සහ කැපවීමෙන් යුතුව තවදුරටත් ඉදිරියට යනු ඇත.



අදහස් (0)

LOLC දිවිසවිය දෙවැනි අදියර පාසල් 200 ක ප්‍රතිසංස්කරණ සමග ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site