IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


LOLC ටෙක්නොලොජි ලිමිටඩ් PickME වෙතින් ඉවත් වෙයි?


භානුක අමරසිංහ


PickME අයත් ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී සමාගමේ පැවැති 4,300,000ක කොටස් හිමිකාරීත්වයක් අලෙවි කර දැමීමට  LOLC සමූහයට අයත්  LOLC ටෙක්නොලොජි ලිමිටඩ් සමාගම පියවර ගත් බව පවසයි. පසුගිය නොවැම්බර් 06 වැනිදා මෙම අලෙවිය සිදු කර ඇති අතර, මෙහිදී කොටසක් රුපියල් 150.00ක මිලකට අලෙවිය සිදු කර තිබේ.

එම සමාගමේ ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වන  LOLC ටෙක්නොලොජි ලිමිටඩ්හි සභාපති/ විධායක අධ්‍යක්ෂ කොන්රාඩ් ඩයස් මහතා විසින් මෙම කොටස් අලෙවිය සිදු කර ඇත. 2025 සැප්තැම්බර් 30 වැනිදා වනවිට  LOLC ටෙක්නොලොජි ලිමිටඩ් සමාගම සතුව තිබූ එම සමාගමේ කොටස් හිමිකාරීත්වය කොටස් 4,362,000ක් විය. එය සමස්ත කොටස් අතරින් සියයට 1.31ක ප්‍රතිශතයක් විය.

මේ අතර 2025 ජූනි 30 වැනිදා වන විට  LOLC ටෙක්නොලොජි ලිමිටඩ් සමාගම සතුව තිබූ කොටස් ප්‍රමාණය 31,110,782ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 9.33ක් විය. කෙසේ වෙතත් 2025 සැප්තැම්බර් 9 වැනිදා එම කොටස් අතරින් කොටස් 22,034,250ක් අලෙවි කළ අතර, පසුව සැප්තැම්බර් 11 වැනිදා තවත් කොටස් 4,079,000ක් අලෙවි කෙරිණි. විදෙස් ආයෝජන අරමුදලක් වන තුන්ද්‍රා අරමුදල  (Tundra Fund) එම කොටස් මිලදී ගත් බව වාර්තා විය.

 



අදහස් (0)

LOLC ටෙක්නොලොජි ලිමිටඩ් PickME වෙතින් ඉවත් වෙයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site