IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


LB ෆිනෑන්ස් සමාගම AMF හි ඉතිරි සියයට 34.4ත් ඉල්ලයි

භානුක අමරසිංහ 

ඇසෝසියේටඞ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AMF) සමාගම නිකුත් කර ඇති 113,327,268ක සමස්ත සාමාන්‍ය ඡන්දහිමි කොටස් ප්‍රමාණයම අත්පත් කරගැනීම සඳහා ඛඊ ෆිනෑන්ස් සමාගම ඉදිරිපත්ව ඇතැයි පවසයි. ඊට අදාළ ලිපි එම කොටස්හිමිකරුවන් වෙත ප්‍රසිද්ධ කෙරී තිබේ. 

පසුගිය සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ ගනුදෙනුවකට අනුව LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඇසෝසියේටඞ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ප්‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා සතු වූ කොටස් 74,341,560ක් මිලදී ගත්තේය. එය සමස්ත කොටස් අතරින් සියයට 65.6ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 50ක් බැගින් ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 3.71 ක් විය. 

ඒ අනුව ඉතිරි සියයට 34.4ක ප්‍රතිශතයට අදාළ වන කොටස් මිලදී ගැනීම සඳහා වන ඉල්ලු‍ම් පත්‍ර මෙලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සියයට 100ක ප්‍රතිශතයක් අත්පත් කරගැනීම LB ෆිනෑන්ස් සමාගමේ අරමුණ වී තිබේ. 

 



අදහස් (0)

LB ෆිනෑන්ස් සමාගම AMF හි ඉතිරි සියයට 34.4ත් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site