IMG-LOGO

2026 මාර්තු මස 29 වන ඉරිදා


LB ෆිනෑන්ස් රැ.බි. 20 ක ණයකර නිකුතුවට ෆිච් වෙතින් A- සහ BBB ශ්‍රේණිගත කිරිමක්


භානුක අමරසිංහ


LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරිමට යෝජනා කර ඇති ණයකර නිකුතු දෙක සඳහා පිළිවෙළින්A- (EXP) සහ BBB (EXP) ලෙස, අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රෙ‌්ණිගත කිරිමක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රෙ‌්ණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 

මෙහිදී රුපියල් බිලියන 10ක් බැගින් වූ ණයකර නිකුතු දෙකක් සිදු කිරිමට LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම සූදානමින් සිටියි. එහිදී එම නිකුතු ලැයිස්තුගත, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ සහ උපප්‍රධාන ණයකර නිකුතු ලෙස සිදු කරන බව සමාගම පවසයි. මේ හරහා රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 20කි. 

ඒ අනුව ජ්‍යෙෂ්ට ණයකර නිකුතුව සඳහා A- ලෙසත්, උපප්‍රධාන ණයකර නිකුතුව සඳහා BBB ලෙසත් මෙම ශ්‍රෙ‌්ණිගත කිරිම ලබා දෙන බව ආයතනය පවසයි. 



අදහස් (0)

LB ෆිනෑන්ස් රැ.බි. 20 ක ණයකර නිකුතුවට ෆිච් වෙතින් A- සහ BBB ශ්‍රේණිගත කිරිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site