IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


LB ෆිනෑන්ස් රු.බි. 10ක ණයකරය ඉවත් කරගනී


මෙරට මුල් පෙළේ මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට යෝජනා කර තිබූ රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව ඉදිරියට පවත්වාගෙන නොයාමට තීරණය කළ බව පවසයි. 

මෙම ණයකර නිකුතුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගතහැකි ණයකර කොටස් මිලියන 100ක් (100,000,000) ලෙස නිකුත් කිරීම සැලසුම වූ අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කරගැනීමට අපේක්ෂිත වූ මුදල රුපියල් බිලියන 10කි. 

මේ අතර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනයද අදාළ නිකුතුව සඳහා ලබාදී තිබූ A- අවසන් ශ්‍රේණියද මෙම තීරණයත් සමගින් ඉවත් කරගන්නා බව පවසා සිටියි. 

 



අදහස් (0)

LB ෆිනෑන්ස් රු.බි. 10ක ණයකරය ඉවත් කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site