IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


LB ෆිනෑන්ස් ණයකරයට ෆිච් වෙතින් A- ශ්‍රේණිගත කිරීමක්

LB  ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව සඳහා A- අවසන් ජාතික දිගු කාලීන ශ්‍රේණියක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.

 මෙය ලැයිස්තුගත, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ. මෙම ණයකරය වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන අතර, එය පසුව කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන බවත් පවසයි. මෙම නිකුතුව හරහා රැස් කෙරෙන මුදල් සමාගමේ ණය පොත පුළුල් කර ගැනීම සඳහා යොදා ගැනීම සැලසුම වී තිබේ. මෙම ණයකරයට ලබාදී ඇති ශ්‍රේණිය ෆිච් රේටින්ග්ස් ආයතනය LB ෆිනෑන්ස් සමාගමට ලබා දී ඇති ශ්‍රේණියට සමාන බවත් පවසයි.



අදහස් (0)

LB ෆිනෑන්ස් ණයකරයට ෆිච් වෙතින් A- ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site