IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


LB Finance මෙහෙයුම් පිලිපීනයට ව්‍යාප්ත කිරීමට යයි

භානුක අමරසිංහ 
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන LB Finance PLC සමාගම සිය මෙහෙයුම් පිලිපීන ජනරජය වෙත පුළුල් කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. 
ඒ අනුව LB Finance Philippines Inc. ලෙස සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් පිලිපීනයේ ස්ථාපිත කිරීමට එම සමාගම අදහස් කරගෙන තිබේ. 
ඒ අනුව මේ සම්බන්ධයෙන් එම සමාගම මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති අතර, පසුගිය දෙසැම්බර් 11 වැනිදා එම අනුමැතියද ඊට හිමිව තිබේ. මෙහිදී LB Finance PLC සමාගම පිලිපීනයේ සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරිම සඳහා සිදු කරන මූලික ආයෝජනය එක්සත් ජනපද ඩොලර් 650,000 කි. මේ යටතේ එරට තුළ මූල්‍ය සේවා ක්‍රියාත්මක කිරිම සමාගමේ අදහසයි. 
මෙලෙස පිලිපීනය තුළ LB Finance Philippines Inc. ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් තවත් ආයතන කිහිපයකම අනුමැතීන් ලබාගත යුතුව ඇති බවත්, එම කටයුතු සම්පූර්ණ වූ විට එහි මෙහෙයුම් ආරම්භ කරන බවත් LB Finance PLC වැඩිදුරටත් පවසයි. 
මෙය LB Finance PLC සමාගම සිය මෙහෙයුම් විදෙස් රටක් වෙත ව්‍යාප්ත කරන දෙවැනි අවස්ථාවයි. මීට පෙර 2018 වසරේදී එම සමාගම LB Microfinance Mynmar ස්ථාපිත කරමින් මියන්මාරය වෙත පිවිසුණේය.



අදහස් (0)

LB Finance මෙහෙයුම් පිලිපීනයට ව්‍යාප්ත කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site