IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


LB ෆිනෑන්ස් වෙතින් රු.බි. 10 බැගින් ණයකර නිකුතු දෙකක්

 


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 10ක් බැගින් වටිනාකමින් යුත් ණයකර නිකුතු දෙකක් හරහා රුපියල් බිලියන 20ක මුදලක් රැස් කර ගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා මෙම ණයකර නිකුතු දෙක සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මේ අතරින් එක් නිකුතුවක් ලැයිස්තුගත, වර්ගකෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවා ගත හැකි ණයකර කොටස් 50,000,000ක් ලෙස සිදු කෙරේ. ඒ සඳහා හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් 30,000,000ක් සහ තවත් ණයකර කොටස් 20,000,000ක් නිකුත් කෙරෙන බව සමාගම පවසයි. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව 100,000,000ක් වන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 10කි. 

එසේම අනෙකුත් නිකුතුව ලෙස ලැයිස්තුගත, වර්ගකෙරුණු, අප්‍රධාන, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් 50,000,000ක් නිකුත් කරන බව සමාගම පවසයි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් 30,000,000ක් සහ තවත් ණයකර කොටස් 20,000,000ක් නිකුත් කෙරෙන බව සමාගම පවසයි. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව 100,000,000ක් වන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 10කි.



අදහස් (0)

LB ෆිනෑන්ස් වෙතින් රු.බි. 10 බැගින් ණයකර නිකුතු දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site