×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
Kaspersky ලංකාවේ ඩිජිටල් අනාගතය ආරක්ෂා කිරීමට පෙරමුණ ගනී
කතෘ මණ්ඩලය 2025 දෙසැම්බර් මස 22
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
Kaspersky සයිබර් තර්ජන සංඛ්‍යා දත්ත වාර්තාව පෙන්නුම් කරන ආකාරයට ගෝලීය වශයෙන් දිනකට සයිබර් අපරාධ 467,000ක්
ලංකාව වේගයෙන් ඩිජිටල් තාක්ෂණය වැළඳ ගැනීමත් සමග රටේ ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනය ආශ්‍රිතව විශාල අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. ඒ අතර, සයිබර් අපරාධවලට මුහුණ පෑමේ අවදානම ද ඊට සමගාමීව ඉහළ යාම සැලකිල්ලට ගත යුතුව තිබේ.
2024 වසරේ Kaspersky ආරක්ෂක දත්ත වාර්තාව සහ Kaspersky සයිබර් තර්ජන සංඛ්‍යා දත්ත වාර්තාව පෙන්නුම් කරන ආකාරයට ගෝලීය වශයෙන් සයිබර් අපරාධ 467,000ක් පමණ දිනකට සිදුවන අතර එය වාර්ෂිකව සියයට 14ක වැඩිවීමකි. එහිදී විශේෂයෙන්ම Trojan ක්‍රියාකාරකම්වල සියයට 33ක වැඩිවීමක් ද, Trojan-droppers හි 2.5 ගුණයක වැඩිවීමක් ද දක්නට ලැබේ. The Kaspersky Top Exploited Vulnerabilities 2023–2024 2023–2024 වාර්තාව හරහා ද Linux ආශ්‍රිත අපරාධවලට වාර්ෂිකව තුන්ගුණයක වර්ධනයක් පෙන්නුම් කෙරේ. එදිනෙදා බහුලව භාවිතයට ගන්නා, පරිගණක මෙහෙයුම් පද්ධති, ඇප් මෘදුකාංග ආදියේ ඇති දුර්වලතා මෙම සයිබර් අපරාධ සඳහා සූක්ෂමව යොදාගැනේ.
ලංකාවේ බොහෝ ආයතන තවමත් භාවිත කරන්නේ, ඉතා පැරණි තොරතුරු තාක්ෂණ පද්ධති සහ ආරක්ෂණ ක්‍රමවේදයි.
සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට එම ආයතන පත්වෙනවා, යනුවෙන් Kaspersky ආසියානු කලාපයේ නැගී එන රටවල විකුණුම් අංශ ප්‍රධානී සෑම් යන්ග් මහතා පවසයි.
Kaspersky පෙන්වා දෙන ආකාරයට 2025 පළමු කාර්තුවේ සිට දෙවැනි කාර්තුව දක්වා කාලය තුළ වින්ඩෝස් පරිගණක භාවිත කරන්නන් සයිබර් අපරාධවලට මුහුණ පෑමේ අවදානමේ වැඩිවීමක් පෙන්නුම් කරතිබේ. තව ද 2024 පළමු කාර්තුවට සාපේක්ෂව 2025 පළමු කාර්තුවේ එම සයිබර් ප්‍රහාර ප්‍රමාණය සියයට 25කින් වැඩිවී ඇති අතර 2024 දෙවන කාර්තුව හා සැසඳීමේදී 2025 දෙවැනි කාර්තුවේ එම ප්‍රහාර සංඛ්‍යාව සියයට 8කින් ඉහළ ගොස් තිබේග මේ අතර Linux පරිගණක භාවිත කරන්නන් සයිබර් අපරාධවලට මුහුණ පෑමේ අවදානම 2019-2022 කාලයට සාපේක්ෂව 2023දී තුන් ගුණයකින් කැපීපෙනන ලෙස ඉහළ ගොස් තිබේ.
ලංකාවේ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඒ ඒ ආයතනවල පවතින තොරතුරු තාක්ෂණ භාවිතාවන් එකිනෙකට වෙනස්. එම නිසා පොදු සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයක් භාවිත කිරීම යෝග්‍ය නැහැ. සෑම ආයතනයක්ම තම අවශ්‍යතාවලට ගැළපෙන සයිබර් ආරක්ෂණ විසඳුමක් සපයා ගැනීමට උත්සහ කළ යුතුයි යනුවෙන් සෑම් යන්ග් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ලංකාව තවමත් සයිබර් ආරක්ෂණය දෙස බලන්නේ යමක් සිදුවූ පසු ඊට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් ලෙසයි.
යමක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස සයිබර් ආරක්ෂණය සැලකීමට ලංකාව දැන්වත් ක්‍රියාකළ යුතුය.
එහිදී දියුණු සයිබර් ආරක්ෂණ යාන්ත්‍රණ සහ EDRපාංග වෙනුවෙන් ආයෝජනය කිරීමට පියවර ගැනීම ඉතා වැදගත්‘ යන්ග් මහතා පවසයි.
එමෙන්ම මෘදුකාංග ආශ්‍රිත අවදානම් වළක්වාගැ නීමේදී රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සහයෝගීතාවේ වැදගත්කම ද ඔහු ඉස්මතු කරයි. 2024 වසරේදී ලංකාවේ වාණිජ ආයතන පමණක් සයිබර් ප්‍රහාර 9,218කට මුහුණ දී තිබේග එවන් පසුබිමකල සයිබර් ප්‍රහාරවලට මනා සූදානමක් සලසා ගැනීමට ලාංකික ආයතන සහ සංවිධාන ක්ෂණික පියවර ගත යුතුව තිබේ.
අදහස් (0)
Kaspersky ලංකාවේ ඩිජිටල් අනාගතය ආරක්ෂා කිරීමට පෙරමුණ ගනී
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
Kaspersky ලංකාවේ ඩිජිටල් අනාගතය ආරක්ෂා කිරීමට පෙරමුණ ගනී