IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


Kapruka සියයට 77ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් පෙන්වයි

Kapruka Holding සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව දක්වා ඇත. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම සියයට 12ක වර්ධනයක් ලබා ඇති අතර දළ ලාබය සියයට 19කින් ඉහළ ගොස් තිබේ. 2024ට සාපේක්ෂව සමාගමේ මෙහෙයුම් කාර්යසාධනය සියයට 77කින් ඉහළ ගොස් තිබීම සුවිශේෂ සන්ධිස්ථානයකි. ඒ තුළින් Kapruka සමාගමේ ජනප්‍රියත්වය තහවුරු වේ. 

2025 ජූනි 30 අවසන් වූ කාර්තුවට අදාළවද සමාගම විශිෂ්ට මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කර තිබිණි. පසුගිය කාර්තුවට අදාළව ලැබූ වර්ධනයට දායක වූ ප්‍රධාන සාධකයක් ලෙස Kapruka Partner Central හැඳින්විය හැකිය. ආරම්භයේදී සාම්ප්‍රදායික භාණ්ඩ ලැයිස්තු (nventory) පදනම් කර ගත් විද්‍යුත් අලෙවි වේදිකාවක් වූ Kapruka වර්තමානයේදී නවීනත්වයට අනුව යාවත්කාලීන වූ අලෙවි වේදිකාවක් බවට පත් කර තිබේ. වේගයෙන් වර්ධනය වන තෙවැනි පාර්ශ්වීය අලෙවිකරුවන් සහ සන්නාම සමග එක් වී ඇති එම සමාගම පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශාල පරාසයකින් යුතු නිෂ්පාදන කළඹක් හඳුන්වා දී ඇත. ඒ හරහා ප්‍රාග්ධන කාර්යක්ෂමතාවද ඉහළ යයි. 

Kapruka Partner Central හරහා පාරිභෝගිකයන්ට එදිනෙදා සේවා රැසක් මාර්ගගත ක්‍රමයට මිල දී ගැනීමට සහ වෙන් කරවා ගැනීමට හැකිය. ඒ සඳහා විශ්වාසනීය සේවා සපයන්නන් සමග එක් වී ඇති එම සමාගම ඒ තුළින් තාක්ෂණය සහ පාරිභෝගික පහසුව විෂයෙහි ඔවුන් සතු කැපවීම යළි තහවුරු කර තිබේ. එක්සත් ජනපදයේ Amazon , කැනඩාව සහ එක්සත් රාජධානිය වැනි රටවල ප්‍රමුඛ පෙළේ ගෝලීය වෙළෙඳ වේදිකා සඳහා ශ්‍රී ලාංකික සන්නාම රැසක විද්‍යුත් බෙදා හරින්නා වන Kapruka ඒ තුළින් මෙරට විදේශ විනිමය ඉහළ නැංවීමට සුවිශේෂ දායකත්වයක් දක්වයි. සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා මෙසේ පැවැසුවේය. “සියයට 77ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනය සුවිශේෂ ජයග්‍රහණයක්. Partner Central හරහා පාරිභෝගිකයන්ට, හවුල්කාර සන්නාමවලට සහ කොටස් හිමිකරුවන්ට විශිෂ්ට ප්‍රතිපල දෙන්න අපට හැකි වී තිබෙනවා.”



අදහස් (0)

Kapruka සියයට 77ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site