IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


JF පැකේජින් රුපියල් මිලියන 600 ක මූලික කොටස් නිකුතුව හෙට

නිකුතුවට ප්‍රථමයෙන්ම අතිවිශාල ඉල්ලු‍ම්පත්‍ර ප්‍රමාණයක් හිමිවෙලා

රැස් කරගන්නා මුදල් දැනට පවතින ණය අඩුකර ගැනීමට සහ මෙහෙයුම් වර්ධනයට 


භානුක අමරසිංහ 


මෙරට තුළ නම්‍යශීලී ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන JF Packaging Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට නියමිත මූලික මහජන කොටස් නිකුතුව (IPO) හෙට (30) මිලදී ගැනීම සඳහා ආයෝජකයන්ට විවෘත කරන බව පවසයි. 

මෙහිදී සමාගම මගින් කොටස් 51,724,144ක් නිකුත් කිරීමට නියමිතව ඇති අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 30.6 කි. එහිදී කොටසක් රුපියල් 11.60ක් බැගින් මිල කෙරී තිබේ. නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 600 කි. පසුගියදා මෙම නිකුතුවට ඉල්ලු‍ම්පත්‍ර භාර ගැනීම ආරම්භ වූ අතර, මේ දක්වා ඊට හොඳ ප්‍රතිචාර හිමිව ඇතැයි සමාගම සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි සමාගමේ සභාපති එස්. ඩී. ආර්. අරුද්ප්‍රසාගම් මහතා මෙම රැස් කරගන්නා රුපියල් මිලියන 600 ක මුදල සිය සමාගම සතුව ඇති ණය පියවීම සඳහා යොදා ගන්නා බව පවසා සිටියේය. ඒ හරහා සමාගමේ ශේෂ පත්‍රය වඩාත් ශක්තිමත් කිරීම සහ ඉදිරි ආයෝජන සඳහා අවශ්‍ය මූල්‍යමය ස්ථාවරත්වය ඇතිකර ගැනීම අරමුණ බවත් සඳහන් කළේය.



අදහස් (0)

JF පැකේජින් රුපියල් මිලියන 600 ක මූලික කොටස් නිකුතුව හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site