IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


JF පැකේජින් මූලික මහජන කොටස් නිකුතුවේ ආයෝජක සමුළුව අද

භානුක අමරසිංහ 

මෙරට තුළ මුල් පෙළේ ඇසුරුම්කරණ විසඳුම් සම්පාදකයකු වන JF පැකේජින් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම සඳහා සිදුකරන මූලික මහජන කොටස් නිකුතුවට අදාළ ආයෝජක සමුළුව අද (21) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ලොව පුරා සිටින ආයෝජකයන්ට මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවට සම්බන්ධවීමට ආරාධනා කරන බව එම සමාගම පවසයි. එමගින් සමාගමේ කළමනාකාරීත්වය සමගින් ඍජුවම අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවනු ඇතැයි සඳහන් වෙයි. 

මෙම නිකුතුවේදී JF පැකේජින් සමාගම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 51,724,144ක් නිකුත් කරන අතර, එහිදී කොටසක් රුපියල් 11.60කට මිල කෙරී තිබේ. මෙහි වටිනාකම රුපියල් මිලියන 600 කි. ඔක්තෝබර් 30 වැනිදා මෙම මහජන කොටස් නිකුතුව විවෘත කිරිමට නියමිතව තිබේ. ඒ සඳහා ඉල්ලු‍ම් කිරීමට දැන් අවස්ථාව විවෘතව තිබේ.

 



අදහස් (0)

JF පැකේජින් මූලික මහජන කොටස් නිකුතුවේ ආයෝජක සමුළුව අද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site