IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


JF Packaging මූලික කොටස් නිකුතුවට අධිදායකත්වයක්

භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සම්පාදන සමාගමක් වන JF Packaging Limited  සමාගම ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහිදී විවෘත කළ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 51,724,144ක් මිලදී ගැනීම සඳහා විවෘත කෙරුණු කෙරුණු අතර, කොටසක වටිනාකම රුපියල් 11.60ක් විය. ඒ අනුව නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 600ක් විය. 
ඒ අනුව ඊයේ (30) දිනයේ පස්වරු 4.30 වනවිට අයදුම්පත්‍ර භාරගැනීම අවසන් වූ අතර, එම කොටස් මිලදී ගෙන ඇති ආකාරය ඉදිරියේදී අනාවරණය කරන බවත් සමාගම සඳහන් කරයි. JF Packaging Limited  සමාගම මෙම කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ හෝ දිරිසවි පුවරුවේ හෝ ලැයිස්තුගත කිරීම සැලසුම වී තිබේ. මෙම රැස් කරගන්නා රු.මිලියන 600ක මුදල සමාගමේ ණය ගෙවීමට යොදා ගන්නා බවත් සමාගම පවසා ඇත.



අදහස් (0)

JF Packaging මූලික කොටස් නිකුතුවට අධිදායකත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site