භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සම්පාදන සමාගමක් වන JF Packaging Limited සමාගම ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහිදී විවෘත කළ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 51,724,144ක් මිලදී ගැනීම සඳහා විවෘත කෙරුණු කෙරුණු අතර, කොටසක වටිනාකම රුපියල් 11.60ක් විය. ඒ අනුව නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 600ක් විය.
ඒ අනුව ඊයේ (30) දිනයේ පස්වරු 4.30 වනවිට අයදුම්පත්‍ර භාරගැනීම අවසන් වූ අතර, එම කොටස් මිලදී ගෙන ඇති ආකාරය ඉදිරියේදී අනාවරණය කරන බවත් සමාගම සඳහන් කරයි. JF Packaging Limited සමාගම මෙම කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ හෝ දිරිසවි පුවරුවේ හෝ ලැයිස්තුගත කිරීම සැලසුම වී තිබේ. මෙම රැස් කරගන්නා රු.මිලියන 600ක මුදල සමාගමේ ණය ගෙවීමට යොදා ගන්නා බවත් සමාගම පවසා ඇත.
JF Packaging මූලික කොටස් නිකුතුවට අධිදායකත්වයක්