IMG-LOGO

2026 ජනවාරි මස 19 වන සඳුදා


JB Financial ‘ඒකක භාර’ ආයෝජනය දැනුවත් කිරීම සාර්ථකව

භානුක අමරසිංහ 


බලපත්‍රලාභී පෞද්ගලික ආයෝජන කළමනාකරණ ආයතනයක් වන JB Financial ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී සිදු කළ ‘යුනිට් ට්‍රස්ට්’ හෙවත් ‘ඒකක භාර’ තුළ ආයෝජනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථක අවස්ථාවක් වූ බව පවසයි. 
මෙහිදී වෘත්තිකයන්, විධායකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම JB Financial කණ්ඩායම හමු වී දිගුකාලීන ආයෝජනයක් ලෙස සහ ධන වර්ධන අවස්ථාවක් ලෙස ඒකක භාර සතු වැදගත්කම පිළිබඳව දැනුම ලබා ගත් බව සඳහන් වෙයි. 
මෙම වැඩසටහනේදී පැමිණි අමුත්තන්ට ඒකක භාර වල ආයෝජනය, දීර්ඝ කාලීන මූල්‍යමය සැලසුමක ඇති වැදගත්කම, මෙන්ම වෘත්තීය මට්ටමේ අරමුදල් කළමනාකරණ ආයතනයක කාර්යභාරය යනාදියද පැහැදිලි කෙරුණු බව එම ආයතනය පවසයි. 
විශේෂයෙන්ම ඒකක භාර වල ආයෝජනය විශ්‍රාම සැලසුමක්, දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ධනය සංරක්ෂණය යනාදී පෞද්ගලික ඉලක්ක සමගින් ගළපා ගන්නා ආකාරය පිළිබඳවද දැනුම ලබා දී තිබේ. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන JB Financial හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර ඩිලන් ජයකොඩි මහතා, “ජනතාව අතර මූල්‍ය සාක්ෂරතාව සහ ආයෝජක දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස JB Financial මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ හරහා රට තුළ ආයෝජන සංස්කෘතියක් ඇති කිරීම අපගේ අදහසයි.” යනුවෙන් පවසා සිටියේය.



අදහස් (0)

JB Financial ‘ඒකක භාර’ ආයෝජනය දැනුවත් කිරීම සාර්ථකව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site