JAT Holdings PLC සමාගම විසින් ආරම්භ කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ලංකාව පුරා විසිරි සිටින ගනුදෙනුකරුවන්ට සහ වෙළඳ නියෝජිතයන්ට රුපියල් මිලියන 17ක ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරිණි.
මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය පසුගිය 2025 මැයි 16 වැනි දින JAT Holdings ප්‍රධාන කාර්යාලයේදී උත්සවප්‍රකාරයෙන් පැවැත්විණ. නිල වශයෙන් මෙම වැඩසටහනට සුදුසුකම් ලැබූ පිරිස අතුරින් තෝරාගත් ජයග්‍රාහකයන් කණ්ඩායමකට ඔවුන්ගේ ත්‍යාග පෞද්ගලිකව ප්‍රදානය කෙරුණු අතර, එහිදී රුපියල් මිලියන 15 ට අධික මුදල් ත්‍යාගවල කොටසක් පිරිනැමිණි.
JATPOT 2024 වැඩසටහන සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන්, පින්තාරුශිල්පීන් සහ වෙළෙඳ නියෝජිතයන්ට යන සියලුම පාර්ශවවල කැපවීම හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙනි.Sayerlack, Masters, J-Chem, Borma Waches, White by JAT, Wallz, Harris, සහ Brush Master ඇතුළු තෝරාගත් JAT සන්නාම අතුරින්, සුදුසුකම් ලැබූ බලයලත් අලෙවිකරුවන් වෙතින්, අවම වශයෙන් රු. 10,000ක් වටිනා භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයන්, සිය මිලදීගැනීම් පිළිබඳ රිසිට්පත ඉදිරිපත් කිරීමෙන් දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබිණි.
ජයග්‍රාහකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය 2024 දෙසැම්බර් මාසයේදී බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම සහ දැඩි අධීක්ෂණය යටතේ සිදුකරන ලද අතර, එම ක්‍රියාවලිය පුරාම විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරන ලදී. අවශ්‍ය සියලුම කරුණු සහතික කරගැනීමෙන් සහ අනෙකුත් තහවුරු කිරීමේ ක්‍රියාපටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු 2025 මැයි මාසයේ පැවැති උත්සවයේදී ත්‍යාග බෙදාදෙනු ලැබිණි.
JAT සමාගම JATPOT 2024 ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථකව නිමාකරයි