IMG-LOGO

2026 අගෝස්තු මස 09 වන ඉරිදා


JAT හෝල්ඩිංග්ස් බංග්ලාදේශ මෙහෙයුම් තවත් ව්‍යාප්ත කරයි

  • සමූහයේ ආදායමෙන් සියයට 30ක් ලැබෙන්නේ බංග්ලාදේශ ව්‍යාපාර හරහා 

මෙරට ප්‍රමුඛතම සමාගමක් වන JAT හෝල්ඩිංග්ස් පීඑල්සී සිය බංග්ලාදේශ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් එරට සින්ගායිර්හි පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයක් අත්පත් කරගත් බව පවසයි. 

බංග්ලාදේශයේ ක්‍රියාත්මක JAT හෝල්ඩිංග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගමක් වන Asia Coating (පෞද්) සමාගම (ACL) හරහා මෙම අත්පත් කරගැනීම සිදු කර තිබේ. කෙසේ වෙතත් මෙම නවතම ආයෝජනයේ වටිනාකම පිළිබඳව සමාගම අනාවරණය කර නැත. 

JAT හෝල්ඩිංග්ස් පීඑල්සී 2001 වසරේ සිට බංග්ලාදේශය තුළ සිය මෙහෙයුම් සිදු කරන අතර, අද වනවිට එම සමූහයේ ආදායමෙන් සියයට 30ක් බංග්ලාදේශයේ ව්‍යාපාර හරහා හිමි වන බවත් පවසයි. මෙම ACL සමාගම බංග්ලාදේශයේ කාර්මික දැව ආලේපන වෙළෙඳපොළේ අංක 1 ස්ථානය හිමි කර ගෙන සිටියි.



අදහස් (0)

JAT හෝල්ඩිංග්ස් බංග්ලාදේශ මෙහෙයුම් තවත් ව්‍යාප්ත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site