භානුක අමරසිංහ
රක්ෂණ තැරැව්කාර සමාගමක් වන InsureMe සමාගම Introduction ක්‍රමවේදය හරහා කොළඹ කොටස් හුවමාරුවේ එම්පවර් පුවරුවේ ලැයිස්තුගතවීමට සූදානමින් සිටින බව පවසයි. මේ සඳහා වන අනුමැතියත් එම හුවමාරුව මගින් සමාගම වෙත හිමිව තිබේ. එම සමාගමට අනුව මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,055,290ක් නිකුත් කෙරෙන බවත්, Introduction ක්‍රමවේදය හරහා එම කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන බවත් සමාගම පවසයි.
කොළඹ කොටස් හුවමාරුව තුළ සිදුකරන මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) තොරව එහි ලැයිස්තුගතවීම සඳහා අලුත් සමාගම් වෙත අවස්ථාව ලබා දෙන ක්‍රමවේදයක් ලෙස මෙම Introduction ඉදිරිපත්ව තිබේ. 2000 වසරේ දී පළමුවරට මෙම ක්‍රමවේදය හඳුන්වා දුන් අතර, අවසන් වරට සමාගමක් ලැයිස්තුගතවීම සඳහා මෙම ක්‍රමවේදය භාවිත කළේ 2020 වසරේදීය. වාර්තා අනුව මේ දක්වා සමාගම් 53ක් ලැයිස්තුගත කිරීම සඳහා මෙම Introduction ක්‍රමවේදය භාවිත කර තිබේ.
InsureMe සමාගම Introduction ක්‍රමවේදයෙන් CSE හි ලැයිස්තුගතවීමේ සූදානමක